කිසිම ගැලපීමක් හොයන්න බැරි නිමිත්තකට
නොගැලපෙන පද පේලි ගොඩක් එකතු කරල
අපි අලුත් තේරුමක් දෙනව හරි ලස්සනට
හරියට
අපේ ජීවිතේ වගේ
නොගැලපෙන පද පේලි ලස්සනට ගලපල
ඉස්සරහ ජීවිතේ ලස්සනට ජීවත් වෙන්න
පාරවල් හදනව හරි අපූරුවට
වඩු කුරුල්ලෙක් වගේ
මැටි
කෝටු කෑලි
කනාමැදිරියො
ගැලපීමක් තියේද?
ඒත් සත්ත්ව ලෝකෙ දක්ෂතම ගෙවල් හදන්නගෙ අපූරු නිර්මාණෙට ගැලපීමක් ලැබුනේ කොහෙන්ද අර නොගැලපෙන දේවල් වලින්...
හංසි.....✍️🙂🩷
චූටි කාලෙ
මිදුලට ගිහින් බිම දිගා වෙලා අහස දිහා බලං ඉඳල තියෙනව නේද....
ආං අර බලන්නකො මකරෙක් ඉන්නව අහසෙ
ආං අතන අලියෙක්
මේ මේ මෙතන ලොකූ ඉබ්බෙක්...
එයාල අහසෙ සෙල්ලම් කරද්දි පහල එකම ගාල ගෝට්ටියක්
ඔය අස්සෙ ඉබ්බව ගෙනියන්න වගේ හොරෙන් හොරෙන් වලාකුළු අස්සෙන් රිංගගෙන යන සුදු පාට සුදු කොක්කු දුඹුරු පාටට කන කොක්කු
අනේ අර ඉබ්බව ගෙනියයිද....
හිතට පොඩි බයක් ආව කාලයක් හැමෝටම තියෙන්නැති
හිම අස්සෙ දුවල පැනල සෙල්ලම් කරන්න ආස සමකාසන්න දූපතක චූටි ළමයි හිම වගේ වලාකුළු දිහා බලාගෙන හිම දකින්න හීන මවන්නැති....
අහසෙ තීන ලස්සන නිල් පාට මවන්නැත්තෙ කවුරු කියල ද හිතෙන්නෙ ඔයාට...?
අහසෙ ඇත්තටම සුරංගනාවියො ඇතිද?
හරිම පුදුම ලස්සන මතක නේද...
නිමාවක් නැතුව පද පෙල අවසන් කරොත් හිතන්නත් දෙයක් තියෙයි නේද.....
හංසි.....✍️🙂🩷
පාලුයි නේද....
ඔයාට තනියක් දැනෙනවද...?
ඕමම මිදුලට ගිහින් හඳ දිහා බලන්නකො
ඔයාට හිතෙයි මේ ලෝකෙ තනිකම පාලුව විඳින එකම කෙනා ඔයා නෙවෙයි කියල ....
මොකද තනි උන ඇස් ගොඩක් එතන තියනව...
ඔයාගෙ පාලුවත් නිකන්ම නැති වෙලා යයි 🙃
හංසි....✍️🙂🩷
ජීවිතේ වැඩියෙන්ම ආදරේ කරපු කෙනෙක්
නැති උනාම දැනෙන දේ මොන වගේද?
එක පාර ම විශ්වාස කරන්න බැරි වෙනව නේද?
කරන්නෙ මොකක්ද කියල හිතාගන්න බැරි වෙනව නේද?
ආදණීයම මිනිස්සු අපිව අතරමං කරනව අපි නොහිතන වේලාවල් වලදි නොහිතන තැන් වලදි....
හැබැයි ඒ අය යද්දි අපිට එකම එක මිල කරන්න බැරි තෑග්ගක් දීල යනව...
එයාල අපිට දුන්න ආදරණීය මතක....
සමහර බැඳීම් ඇතුලෙ අතරමං උන සමහර මිනිස්සුන්ට
ඒ මතක විතරක් ම ඇති
ජීවිතේ ඉතුරු කාලෙ සතුටින් හිනා වෙලා ජීවත් වෙන්න....
අන්න ඒක තමයි ජීවිතේ....
සුන්දරයි කියල හිතන සුන්දර නැති මිනිස්සු අතරෙ
කටෝරයි කියල හිතෙන ජීවිතේ ලස්සනට පාට කරගෙන ජීවත් වෙන්න දන්න මතක ඇතුලෙ ජීවත් වෙන මිනිස්සු මේ ලෝකෙ ඕන තරම් ඉන්නව...
ලස්සන ජීවිතේ කටෝර කරගෙන දුක් විඳින අය ඊටත් වැඩියෙන් ඉන්නව...
ඉතින් ආදරණීය ශීත ඍතුවේ ආරම්භයේ පළවෙනි හිම පතනය වෙන දවසට
අපේ ජීවිතෙත් නැති වෙන ආදරණීය මනුස්සයෙක් වෙනුවෙන් තවත් සුන්දර මනුස්සයෙක් මුණ ගැහෙයි...
එතකම් ඉවසන් ඉන්න යාලුවා....
හංසි....✍️🙂🩷
හීනියට උල් වෙච්ච කටුවක්
ඇනුනොත් අතක
දැනේවිද කොහොම වේදනාවක්
සමහර විට ලේ බින්දුවකුත්
දකින්න පුලුවන් වෙයි
ඉතින් නිකමට හිතල බලන්න
ඒ හීනි කටුවෙන් ම
එච්චර සියුම් හදවතට ඇන්නොත්?
හංසි....✍️😊🩷
සුන්දර මතකයන්
කඳුලකට පණ දෙනකොට
ගොලු හදවත විවර උනා
මටත් නොදැනීම හැන්දෑවක
සිනහවක සෙවණල්ල යට
සැඟවෙන්න වෙර දරන කඳුල
ඇහි පිහාටුවකට වත් අවනත නොවී
ලෝකෙ දකින්නට එළියට ආ හැටි මතකයි
පුංචි දඟකාරයෙක් විලස
ඉතින් කඳුල නාඩන්
ඉර පායන දවසට
ඔය වැටෙන දුක් කඳුලු
සතුටු කඳුලක් වී එන්නට
ඉතුරු කර තියාපන්...
හංසි........✍️😊🩷
කඳුලකට හැකි නම් කියන්න හිත ඉකි බිඳින තරම...
ඔබට දැනේවි තනිකම වලලන හැටි හිත පණ පිටින්ම...
කඳුළු අතරින් මතුවන ව්‍යාජ සිනහවකට හැකි නම් කියන්න...
ඉකිබිඳින හිත ලොවට රහසේ අඬන බව කියයි හඬමින්ම....
ගිණියම් ඉර හැමදා පැතුවත් සීතල හඳ හා එක් වෙන්න...
හඳට හැකි වේද දවාලේ ඉර එක්ක හැප්පෙන්න....
අහසට පොළව කොතරම් ගැළපුනද....
ක්ෂිතිජයත් මායාවක් බව දැන දැන අහස පොළොව එක් උන බව කියයි ලොවටම....
හංසි.......✍️😊🩷
🙂
ආදරේ වැඩි කමටමයි නේ වැස්ස දවසෙත්
වතුර දැම්මේ....
වැස්ස තිබ්බට වතුර නොවැටෙන්නැතියි කියලයි හිත කියැව්වේ....
අවුවෙ පිච්චෙයි කියල හිතලා පේන දුරකින් තියාගත්තේ....
ඉතින් ඇයි අද මටත් නොකියම මැලවිලා බිම ඇඳන් වැටුනේ....
🌿
ආදරේ වැඩි කමට කියලා වතුර දුන් බව දන්නවා...
වතුර හින්දම තැම්බිලා ගිය කකුල් නම් දැන් රිදෙනවා...
දැනෙන්නේ නෑ මගේ පා මට පස් යටම වැලලී ගියා....
වැඩියෙනුත් දුන් ආදරේ අද මාව ඔබගෙන් වෙන් කලා....
හංසි.....✍️😊🩷
පොඩි කාලෙ හඳේ හාවෙක් ඉන්නව කියල
හැමදාම රෑට හඳේ හාව බලනව මතකද?
🌛🐇
මම පොඩි යෝජනාවක් කරන්නම්...
මම කියනවට නිකමට දැන් ගිහින් බලන්න හඳේ හාවෙක් ඉන්නවද කියල... 🙃
නෑ නේද ? මොකද අපි දන්නව හඳේ ඇත්තටම හාවෙක් නෑ කියල. ඒම පේන්නෙ හඳේ තීන
ආවාට කියල අපි දැන් දන්නව. අපිට දැන් අපි චූටි කාලෙ මිදුලට ගිහින් බැලුවම හඳේ හරි ලස්සනට කන් දෙකයි චූටි වලිගෙයි එක්ක පෙනුන යෝධ හාව දැන් පේන්නෙ නෑ නේද?
චූටි කාලෙ අපි හාවෙක් එක්ක දැකපු ලස්සන හඳ දැන් අපිට පෝයට පායන රෑට එළිය දෙන ලොකු පැල්ලමක් තීන රවුමක් වෙලා.
කාලෙ ගත වෙද්දි මිනිස්සු පරිණත වෙද්දි ජීවිතේ වෙනස් වෙද්දි චූටි කාලෙ ලස්සනට දැකපු දේවල් දැන් වෙනස් වෙද්දි ඔයාට හිතෙන්නෙ නැද්ද හඳේ හිටපු යෝධ හාව බලන්න ආයෙ චූටි කාලෙට යන්න තිබ්බ නම් කියල....? 🙂🩷🌛🐇
හංසි....✍😊🩷
හීනයක පැටලෙමින්
නොදැනීම දැනුන හැගුමකින්
හිත රැඳුණු බැඳීමක
මිහිර සිත් සේ විඳිනෙම්
කවදා කෙලෙසක හෝ
වෙන් වෙන්න වේදෝ යි තැවෙමින්
බියෙන් ජීවත් වෙන්නම්
ගෙවෙනා ජීවිතය විඳිමින්
හංසි.......✍️🙂🩷
දිය ඇල්ලක් ළඟ ඉඳන් උණුම උණු තේ කෝප්පයක් එක්ක ලස්සන හිත නිවන සින්දුවක් අහන්න තිබ්බොත් කොහොමද? නියමයි නේහ්....
හැබැයි මම මෙහෙම අමුතු ප්‍රශ්නයක් ඇහුවොත්?
දිය ඇල්ලෙ සුන්දරත්වය විදින්න උණු තේයි සින්දුයි ඕනෙමද?
ඒව තියෙනකොට අපි දකින සුන්දරත්වය ට වඩා ඒ දේවල් නැතුව සුන්දරත්වයක් දකින්න බැරි වෙයිද අපිට...
හංසි....✍️🙂🩷
චූටි කාලෙ
මිදුලට ගිහින් බිම දිගා වෙලා අහස දිහා බලං ඉඳල තියෙනව නේද....
ආං අර බලන්නකො මකරෙක් ඉන්නව අහසෙ
ආං අතන අලියෙක්
මේ මේ මෙතන ලොකූ ඉබ්බෙක්...
එයාල අහසෙ සෙල්ලම් කරද්දි පහල එකම ගාල ගෝට්ටියක්
ඔය අස්සෙ ඉබ්බව ගෙනියන්න වගේ හොරෙන් හොරෙන් වලාකුළු අස්සෙන් රිංගගෙන යන සුදු පාට සුදු කොක්කු දුඹුරු පාටට කන කොක්කු
අනේ අර ඉබ්බව ගෙනියයිද....
හිතට පොඩි බයක් ආව කාලයක් හැමෝටම තියෙන්නැති
හිම අස්සෙ දුවල පැනල සෙල්ලම් කරන්න ආස සමකාසන්න දූපතක චූටි ළමයි හිම වගේ වලාකුළු දිහා බලාගෙන හිම දකින්න හීන මවන්නැති....
අහසෙ තීන ලස්සන නිල් පාට මවන්නැත්තෙ කවුරු කියල ද හිතෙන්නෙ ඔයාට...?
අහසෙ ඇත්තටම සුරංගනාවියො ඇතිද?
හරිම පුදුම ලස්සන මතක නේද...
නිමාවක් නැතුව පද පෙල අවසන් කරොත් හිතන්නත් දෙයක් තියෙයි නේද.....
හංසි.....✍️🙂🩷
දන්නවද...?
මගේ හිත ගත්ත තරුණයෙක් ඉන්නව
එයා හරිම කඩවසම්
ඒ වගේම හොඳ පෞරුෂයක් තියෙන ලස්සන හදවතක් තියෙන
ඒ වගේම අහිංසක මූණක් එක්ක
හුරතල් හිනාවකටත් එයා උරුමක්කාරයෙක්.
එයාගෙ හදවත ආදරෙන් පිරිල
ඒත්
අවාසනාවක මහත
ඒ ආදරණීය තරුණයා
පොතක පිටු අතර හිර වෙලා....
ආදරණීය තවත් එක හදවතක හීන අතර හිර වෙලා....
ඒත් අහිංසක කුමාරය එළියට ආව දවසක
හම්බුනොත් ඔයාලට
කියන්න පුලුවන් ද එයා වෙනුවෙන් ආදරණීය හදවතක් බලාගෙන ඉන්න බව....
හංසි....✍️😊🩷
පද වැල් ගැලපුවට කවියකට
තනිකම නොවෙයිද හේතුව ලස්සන පද පේලි ලියැවෙන්න
මහ හඬින් හිනා උනාට
හැකිද හිත් අස්සට රිංගල බලන්න
පිට කවරෙ ලස්සනට තිබුනට
හැකිද ඇතුලාන්තය මනින්නට පොතක
පාලු මකා ගන්න සින්දුවක් ඇහුවට
ගීයකට හැකිද
හදවතේ එන්ඩොමෙට්‍රියමේ සියුම් තැන් ස්පර්ෂ කරන්න
හදවතේ සියුම් තැන් ස්පර්ශ කළ ඔබ
කවදා හෝ එනවද
අත් අල්ලන් ඇවිදින්න
හමු වන බව පොරොන්දු වූ
මේ අහස යට...
හංසි.....✍️😊🩷
දැනුනා නම් ඔබට මාව
පාරන්නේ නෑ මා සිත මෙලෙස
හැඟීම් වටහා ගන්නට හැකි දිනෙක
හැකි උනොත් එන්න දුවගෙන මා ළඟට
ගිවිසගත්තා මතකද
යලි හමුවන බවට
සසරෙ කවදා හෝ
මේ අහස යටම
සංසාර පුරුද්දර වගේ
දැනුනා ඔබේ සුවඳ
නොදැනුනේ මංද ඔබට එය
ඔබ අත පැතූ සෙනෙහෙබර තරුණිය මම බව
පෙර සසරේ දවසක
වසන්තයේ හැඬකාරිය වී මල් පෙති ඉසිනා
චෙරි ගසක් යට
හංසි....✍️😊🩷
ක්‍රශ් එක වෙත ලියමි...🌝❤️🩹
ලොකු ලොකු පණ්ඩිත කතා ගොඩක් කියන
ලස්සන ඇස් දෙකත් හීනි කරං ලස්සනට හිනා වෙන
කවදාවත් නොදැකපු ඔබ දන්නෙ නෑ
මම හිතින් ඔබට ආදරේ බව
ඉතින් මගේ ලස්සන ආදරවන්තයෝ...
ඒක පාර්ශ්වික ආදරයකින් මුලු හිතම පුරවගෙන ඉන්න
පුංචි මමත් ආසයි.....
හිතුවක්කාර ආදරේකට... 🌝❣️
සුවහසක් ක්‍රශ් වෙත 😂
හංසි....✍️😊🩷
වැස්ස දවසක සීත වරුවක හීන ගොන්නක දැවටෙමින්...
හිටිය හැටි මතකයිද තාමත් එදා අපි හරි ආදරෙන්...
සසරෙ උපදින හැම භවයකම එකට ඉන්නට පැතු නමින්...
ඉතින් ඇයි අද ඉන්නෙ මේ ලෙස මතක අමතක වූ ලෙසින්... ❤️🩹
ඉන්න ආසයි ගුලි වෙලා...
ඔබගෙ උණුහුමෙ නැවතිලා...
පපුතුරේ මගෙ හිස තියා...
ඒ හීන අද බොඳ වෙලා... ❤️🩹
හංසි.....✍️😊🩷
වැස්ස දවසට හීතලේ ගුලි වෙලා
උණුම උණු තේ එකක් බිබී
සින්දුවක් අහන්න ආසයි නේද?
හැබැයි මතක තියාගන්න.
උණු තේ එකක් රස කර කර බීල
ලස්සන සින්දුවක් අහල
ඒ වෙලාවෙ ඒ සීතල උහුල ගත්තට...
උහුලගන්න බැරි සීතල දවස් ජීවිතේ එමටයි.
ඉතින් ඒ සීතල දවස් උණුහුමෙන් ගෙවන්න
හිතේ හයිය නම් ඕනෙමයි...
හංසි....✍️😊🩷
හිත් වලට එන දහස් ගානක් සිතුවිලි අතරෙ
සමහර කෝඩුකාර හිත්
අතරමං වෙන්නෙ හිතාගන්න වත් බැරි විදියට
ඉතින් ඔයාටත් ඉන්නව නම් කවුරු හරි
ඒ අතරමං උන ඔයාගෙ කෝඩුකාර හිතත්
සිරිපා කරුණා කරවන්න පුලුවන්.....
මම කියන්නද පොඩි රහසක්....
ඔයා තමා මේ ලෝකෙ වාසනාවන්තම කෙනා... 🪷🌿💫
හංසි....✍️😊🩷