sl_education_a_l | Unsorted

Telegram-канал sl_education_a_l - 𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

62818

⁣💢 නොමිලේ 💢 ඔබට අවශ්‍ය lesson videos , notes , papers වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක 👇GROUP LINK :- @SL_EDUCATION 👆BOT LINK :- @SL_EDU_A_L_BOT 👉 #motivation ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න 👉 @SL_Advertisement_bot

Subscribe to a channel

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

GRADE 12 & 13 PAPERS WITH ANSWERS #⃣

💀BIOLOGY 👉 t.me/SL_BIOLOGY/358

📊C.MATHS 👉 t.me/SL_COMBIND_MATHS/379

🏗 PHYSICS 👉 t.me/SL_PHYSICS/925

☢️ CHEMISTRY 👉 t.me/SL_CHEMISTRY/482

🪴 AGRICULTURE 👉 t.me/SL_AGRI_AL/261

🤖 ICT 👉 t.me/SL_ICT/93

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️

T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

01➡️ප්‍රිස්ම අවම අපගමන කෝණය සෙවීම.

02➡️අවධි කෝණ ක්‍රමයෙන් ප්‍රිස්මයක වර්තනාන්කය සෙවීම.

03➡️උත්තල කාචයක නාභීය දුර සෙවීම.

04➡️අවතල කාචයක නාභිය දුර සෙවීම.

05➡️වර්ණාවලිමානය සීරුමාරු කිරීම හා ප්‍රිස්මයක වර්තන කෝණය සෙවීම.

06
➡️වර්ණාවලිමානය භාවිතයෙන් ප්‍රිස්මයක අවම අපගමන කෝණය සෙවීම හා ප්‍රිස්මය තනා ඇති ද්‍රව්‍යයේ වර්තනාන්කය සෙවීම.

07➡️සරල අවලම්භය භාවිතයෙන් ගුරුත්වජ ත්වරණය සෙවීම

08➡️හෙලික්සීය දුන්නකින් අවලම්බනය කර ඇතිවස්තුවක ස්කන්ධය හා දෝලන කාලාවර්තය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

09➡️ධ්වනිමානය භාවිතයෙන් සරසුලක සන්ඛ්යාතය සෙවීම

10➡️ධ්වනිමානය භාවිතයෙන් ඇදි කම්බියක සන්ඛ්යාතය සහ කම්පන දිග අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

11➡️සන්වෘත හා එක් සරසුලක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

12
➡️සන්වෘත හා සරසුල් කට්ටලයක් භාවිතයෙන් වාතයේ ධ්වනි ප්‍රවේගය හා නළයේ ආන්ත ශෝධනය සෙවීම

13
➡️ක්විල් නලය භාවිතයෙන් වායුගෝලීය පීඩනය සෙවීම

14
➡️නියත පීඩනයේදී වායුවක පරිමාව හා උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

15
➡️නියත පරිමාවේදී වායුවක පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධතාව සත්‍යාපනය කිරීම

16
➡️සිසිලන ක්‍රමයෙන් ද්‍රවයක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

17
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ඝන ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාව සෙවීම

18
➡️මිශ්‍රණ ක්‍රමයෙන් අයිස් වල විලයනයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

19
➡️මිශ්‍රණ ක්‍රමයෙන් ජලයේ වාෂ්පීකරණයේ විශිෂ්ට ගුප්ත තාපය සෙවීම

20
➡️සර්ල් ක්‍රමය මගින් ලෝහයක තාප සන්නායකතාව සෙවීම

21
➡️ඝූර්ණ මූලධර්මය භාවිතයෙන් වස්තුවක ස්කන්ධය සෙවීම

22
➡️U නලය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

23
➡️හෙයාර් උපකරණය භාවිතයෙන් ද්‍රවයක සාපේක්ෂ ඝනත්වය සෙවීම

24
➡️බර යෙදූ පරීක්ෂා නලයක් භාවිතයෙන් ද්‍රවයක ඝනත්වය සෙවීම

25
➡️බල සමාන්තරාස්‍ර නියමය සත්‍යාපනය කිරීම සහ එය භාවිතයෙන් දෙන ලද වස්තුවක ස්කන්ධය සෙවීම

#PRACTICALS #PHYSICS #SHARE 💬
🔤🔤😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟

🆕🆕🆕🆕🆕🆕🆕
👉 T.me/addlist/qFY72jXoZ2M2MWFl 👈

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මතකද... ඔයාට වැඩ බෑ කියලා ඔයාව නොසලකා හැරපු යාලුවව..😏

මතකද... ඔයාට වඩා එයාගේ ලමයට වැඩ පුලුවන් කියලා පම්පෝරි ගහන වට්ටි අම්මලාව.. 🙃

මතකද... ඔයාට අඩු රිසාල්ට් එකක් එනකන් බලන් ඉන්න ගමේ ලිද ලග සංගමය 😵

මතකද... ඔයාව අතෑරල ගියපු කෙල්ලව or කොල්ලව 😠

etc...

2024 A/L ලියන ඔයාට මේක චාන්ස් එකක් වැඩ පෙන්නන්න...😈

මහන්සි වෙලා වැඩ කරපන් උබට පුලුවන්...🧑‍💻

හදවතින්ම අපි සුභ පතනවා මේ පාර ලියන හැමෝටම.. හොදටම Exam එක කරගන්න කියලා..❤️

~ SL EDUCATION A/L TEAM ~


තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔴𝟐𝟎𝟐𝟒ට අවසන් මෙහෙයුම 🅵🆁🅴🅴..🔥
සුපුරුදු පරිදි මෙවරත් 𝐆𝐮𝐞𝐬𝐬𝐢𝐧𝐠𝐬 එක්කම..

දින 𝟎𝟖ක්...💪🏻
රචනා ප්‍රශ්න 𝟖𝟎ක්...😲
ලකුණු 𝟑𝟎ක්...🤫

අවසන් මොහොතේ,ප්‍රතිඵලය වෙනස් කරන දැවැන්තම වැඩපිළිවෙල...💪🏻


🔤ඔයාට තවමත්,ඔයාගේ ප්‍රතිඵලය වෙනස් කරගන්න පුළුවන්...🔤

දැන් මොන මට්ටමක ඉඳියත් දවස් 𝟖 ඉවර වෙද්දි '𝐄𝐬𝐬𝐚𝐲 𝐏𝐚𝐩𝐞𝐫' එකට හොඳ සූදානමක් ගන්න ඔයාට මේ වැඩේ අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා...

එකතුවෙන්න අපේ අවසන් මෙහෙයුමත් එක්ක..


--------------------------------

ලංකාවේ ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම #නොමිලේ!✔️
𝐘𝐨𝐮𝐓𝐮𝐛𝐞 𝐋𝐢𝐯𝐞🖤▶️ සහ භෞතිකව....

1 ) නොවැ.04 | යාන්ත්‍ර විද්‍යාව
2 ) නොවැ.05 | ක්ෂේත්‍ර
3 ) නොවැ.06 | විකිරණ
4 ) නොවැ.07 | ඉලෙක්ට්‍රොනික විද්‍යාව
5 ) නොවැ.11 | තාපය
6 ) නොවැ.12 | ධාරා විද්‍යුතය
7 ) නොවැ.13 | පදාර්ථයේ ගුණ
8 ) නොවැ.14 | දෝලන හා තරංග/අලෝකය

--------------------------------

⚠️ විශේෂයි - භෞතිකව සම්බන්ධ වන සිසුන්ට Printed Tutes ආයතන මඟින් ලබාගත හැක.PDF Telegram චැනලය ඔස්සේ ලබාදීමද සිදුවේ.

--------------------------------

2024 සිසුන් සඳහා නොවැම්බර් මාසයේ නොමිලේම සිදුකරන අනෙක් වැඩපිළිවෙල සඳහා මෙතන Click කරන්න

ඉදිරි දැනුවත් කිරීම් සඳහා Telegram චැනලයට සම්බන්ධ වන්න
✈️/channel/DU2024RE

ඔයාලගේ යාළුවන්ටත් අනිවාර්යයෙන්ම මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු.....👍💥
--------------------------------

🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

විභාගෙට අන්තිම සතියෙ මේ විදිහට වැඩ කළොත්, සුපිරිම result එකකට යන්න පුළුවන්...😎

ඔයාලා සමහරවිට මේ දේ ගැන දැනටමත් දන්නවා ඇති. නැත්නම් දන්නෙ නැතුවත් ඇතී. ඒ කොහොම වුණත් ඉගෙනගන්න ඔයාලා හැමෝටම වගේ මේ post එක හුඟක් වැදගත් වෙයි කියලා මං හිතනවා...

විභාගයකට අපි සූදානම් වෙනකොට, වැදගත්ම කාල පරාසය තමයි මේ අන්තිම දවස් 7 කියන්නෙ. අපි වැඩිපුරම වැඩ සමබරව කරගෙන යන්න ඕන වගේම, අපේ ශරීර සෞඛ්‍ය ගැනත් හිතලා පරිස්සම් වෙන්න ඕන.. ඒ විතරක් නෙමෙයි ඔයාලගෙ මානසික නිරෝගිකමත් පවත්වාගන්න ඕන..

ඉතින් සාමාන්‍යයෙන් විභාගයක අන්තිම සතිය මං ගත කරන විදිහ ඔයාලා එක්ක බෙදාගත්තොත්, ඔයාලා හැමෝටම උදව්වක් වෙයි කියලා හිතුවා..

☺️Plan එකක් හදාගන්න.

කොළයක් අරගෙන දවස් 7ට කොටු 7ක් ගහගන්න. ඊළඟට දවස් 7 ලියාගන්න.

ඊළඟට ඔයා කරන්න ඕන මේ, plan එකට ඔයාලගෙ ඉතිරි වෙලා තියෙන වැඩ ටික බෙදාගන්න එක. ඔයා ඒ වෙනකොටත් පාඩම් කරපු කෙනෙක් නම් revision කරන විදිහ මේකට එකතු කරගන්න (past papers, model papers, online quizzes වගේ)..

☺️consistency.

ඒ කියන්නෙ විභාගෙ ළං වෙද්දි, දවසක් වැඩ කරලා, ඊළඟ දවසෙ නිදාගන්න එපා. එක දිගට එකම විදිහට ඒ දවස් කීපය වැඩ කරන්න.

හිතන්නකො අද පැය 5ක් පාඩම් කළොත්, හෙට පැය 6ක් පාඩම් කරන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පාඩම් කරන කාලය සහ වැඩ ප්‍රමාණය දවසින් දවස වැඩි කරගන්න. එතකොට ඔයාට ටික ටික ඔයාගෙ improvement එකක් දැනෙන්න ගන්නවා.

☺️අනං මනං ගමන් එපා.

මෙන්න මේ අන්තිම සතියෙ කොහෙවත්ම නොයා ගෙදරටම වෙලා ඉන්න කියලා තමයි මං නම් යෝජනා කරන්නෙ. මොකද නැත්නම් ඔයාලගෙ mind එක වෙනස් වෙන්න පුළුවන්.

හිතන්නකො නෑදෑ ගෙදරක යනවා, යාළුවො එක්ක ගමනක් යනවා කියලා,, එතකොට වෙන්නෙ පොඩි වෙලාවකට හරි ඔයා exam mood එකෙන් මඟ හැරෙන එක. එහෙම වෙන එක ඔයාලට බාධාවක් වෙන්න පුළුවන්.

☺️ඔයාගෙ progress එක මනින්න.

ඔයාට පුළුවන් විදි කීපයකට ඔයාගෙ progress එක මනින්න..

1. හිතන්නකෝ ඔයා කරන එක විෂයයක් කියලා.. ඒ විෂයයට අදාළව පාඩම් 10ක් තියෙනවා. හදාගන්න මේ ටික දාලා වගුවක්. එක පැත්තක පාඩමේ නම, අනිත් පැත්තෙ පාඩම් කරන වාර ගණන. ඊළඟට ඔයා කරන්න ඕන ඒ ඒ පාඩම පාඩම් කරන වාරයක් වාරයක් පාසා, ඒ පාඩමේ නම ඉස්සරහින් හරියක් දාන එක (මං නම් කරන්නෙ තරු sticker card එකක් තියාගෙන, තරු අලවන එක)..

2. තව ඔයාලට කරන්න පුළුවන් ඒ ටික කාලෙ ඔයාලා පාවිච්චි කරලා ඉවර වුණ පෑන් එකතු කරන්නත් (හැබැයි මෙහෙමයි කියලා පෑන් වලින් බොරුවට බලිකුරුටු ඇඳලා පෑන් ඉවර කරගන්න එපා. දන්නවනේ එතකොට රැවටෙන්නෙ ඔයාම තමයී)..

3. තව ඔයාලට පුළුවන් දවස ගාණෙ To Do List හදන්න. මෙන්න මේ list එකේ තියෙන වැඩ ටික ඔයා කොච්චරක් දුරට cover කරනවද කියලත් බලන්න පුළුවන්.

4. තව ඔයාලට පුළුවන් ඔයාලා වැඩ කරන පැය ගණන, එහෙමත් නැත්නම් වෙලාව ලියන්න. දවසෙ අන්තිමට ඒ ටික එකතු කරලා බලන්න ඔයා කොච්චර පැය ගණනක් එදා දවසෙ ඔයාගෙ අරමුණ වෙනුවෙන් කැප කරලද කියලා..

මම නම් මේ 4ම කරනවා. මේ ටිකෙන් පුළුවන් ඔයාලටම ඔයාලා ගැන මාර විශ්වාසයක් ඇති කරවන්න. මොකද ඔයා වැඩ කළා කියන්න සාක්ෂි තමයි මේ.

☺️ සතුටින් ඉන්න.

සතුට කියන දේ ජීවිතේ ඕනම අරමුණකට යනකොට වැඩිපුරම බලපෑමක් කරන්න පුළුවන් සාධකයක්. ඒ නිසා අනවශ්‍ය විදිහට stress වෙන්නෙ නැතුව (කොහොමත් ඔයාට plan එකක් තියෙනවා නම්, ඔයා ඔයාගෙ progress එක measure කරනවා නම්,,, ඔයා stress වෙන්නෙ නෑ. ඒක මං අත්දැකීමෙන් තහවුරු කරනවා)..

ඒ වගේම ඔයා සතුටින් ඉන්නවා නම්, ඔයාගෙ මනස නිරවුල්. එතකොට ඔයාට පුළුවන්කම ලැබෙනවා නිදහසේ ඔයාගෙ පාඩම් වැඩ කරගන්න.

ඉතින් ඔයාට විභාගයක් ළඟ එනවා නම් අනිවාර්යයෙන්ම මේ කරුණු ටික මතක තියාගන්න. ඒ කොහොම වුණත්, මේ දේවල් කරන්න.

මොකද හුඟක් වෙලාවට, හුඟක් දෙනෙක් කියනවා; "අනේ මට පාඩම් කරන්න හිතෙන්නෙ නෑ, පාඩම් කරන්න කම්මැලියි, දන්නවා මෙහෙම හිටියොත් fail වෙනවා, එක දවසක් කළොත් ඊළඟ දවසෙ කරන්න වෙන්නෙ නෑ.." මේ වගේ නොයේකුත් කතා. හැබැයි මතක තියාගන්න මේ හැමදේම නිදහසට කරුණු විතරයී.

ඔයාට දෙයක් ඕන නම්, ඒ වෙනුවෙන් අවංකවම මහන්සි වෙන්න.. එහෙම වුණොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ දේ ලැබේවී.. නැතිනම් හැමදාම නොයේකුත් නිදහසට කරුණු කිය කිය ඔයාලාට ඔයාලගෙ කාලය වැය කරගන්න සිදුවේවි. ඉතින් තේරීම තියෙන්නෙ ඔයාලගෙම අතේ තමයී...

POST එක වටිනවනම් REACTION එකකුත් දාගෙන යන්න
🔸

#facts #share ❤️
©️Study with Gimi
t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

👀 උසස් පෙල විභාගය නොවැම්බර් 25 ද?

2024 උසස් පෙළ නොවැම්බර් 25 සිට දෙසැම්බර් 20 වනදා දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

ඒ අනුව 2024 උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙඩ් අඩවියෙන් පමණක් බාගත කරගන්නා ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා සිසුන්ගෙන් ඉල්ලා සිටින්නේ.

සෑම විටම විභාග දෙපාර්තමේන්තුව විසින් සිදුකරනු ලබන නිල නිවේදන පමණක් විශ්වාස කරන ලෙසත් සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ප්‍රචාරයන්ට නොරැවටෙන ලෙසයි බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

#NEWS #SHARE 💎 t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අතාරින්න හිතෙන හැම වෙලාවකම හිතන්න..


ආත්ම විශ්වාසය සහ මහන්සි වී වැඩ කිරීම ඔබව සාර්ථකත්වය කරා ගෙන යනු ඇත..👊

හොද විශිෂ්ට වැඩක් කිරීමට නම් ඔබ කරන දෙයට ආදරය කරන්න...👊

මට අද වැටෙන්න හේතු ගොඩක් එයි..ඒත් මම ඒ එක මොහොතකවත් වැටෙන්නේ නෑ..මොකද මම අද මහන්සි වෙන්නේ මගේ හීනය වෙනුවෙන් මගේ දෙමව්පියන්ගේ බලාපොරොත්තු වෙනුවෙන්...මම අද වැටුනොත් මම කොහොමද ඒ හීන වලට පණ පොවන්නේ...අතාරින්නේ නෑ මොන කට්ට කාලා හරි මම මගේ ගමන යනවා...👊

මම අනිවාර්යයෙන්ම මගේ අරමුණුවලට යනවා..කාටවත් මාව නවත්තන්න බෑ...👊

අතාරින්නේ නෑ...ආරම්භය සෑමවිටම දුෂ්කරයි..👊

මම මගේ අනිකුත් සියලුම දේවල් පසෙකින් තියලා මම දිනන තුරු උත්සාහ කරනවා...👊

ඔව් ඇත්තටම ඒක අමාරුයි..ඒක අමාරු වෙන්න බලයි..ඒක ලේසියි නම් ඒ දෙය හැමෝම කරයි...විශිෂ්ටයක් කියන්නේ ලේසියි දේවල් කරන එක නෙවෙයි අමාරු දේවල් කරන එක...👊

ඔබ අමතක කරන්න එපා ඔබ පටන් ගත්තේ ඇයි කියලා...👊

ධනාත්මකව සිතන්න..ඒ වෙනුවෙන් කැපවෙන්න...ඒ දෙය ඇත්තක් කිරීමට වෙහෙසෙන්න..👊

මම මහන්සි වෙලා වැඩ කරනවා..මිනිස්සු කියයි මට පිස්සු කියලා...කමක් නෑ මේක මගේ ගමන...මගේ අරමුණ...👊

මම වැඩ කරොත් මට..මට වැරදුනු තැන මාත් එක්ක ඉන්න හැමෝම මම ගාව නැති වෙයි..ඒක නිසා මම දැන් මම වෙනුවෙන් වැඩ කරන්න ඕනි...👊

කවුරුමොනා කිව්වත් මම වැටෙන්නේ නෑ...මට පුළුවන් මේක කරන්න...මට බැරිනම් කොහොමද අනිත් අය කරන්නේ...👊

මම මගේ targetsවලට යන එක යනවා..ඒක ස්ථීරයි...👊

❤️😌ඔයත් ඔයාගේ ජීවිතේ මේ විදියටම ලියන්න යාලුවා,වැටෙන වැටෙන හැම තත්පරයකින්ම මේ විදියට හිත හයිය කරන් නැගිට්න්න..

ජීවිතය දිනන්න..❤️

#motivation #share #⃣
t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2025,2026 A/L කරන අයට ගොඩක් වටිවි මේ විදියට මේ විදිහට Time table හදාගත්තොත්..

මේකේ පැය විසිහතරටම කොටු තියේ red color කරලා තියෙන්නේ අනිවාර්යයෙන් නිදාගන්න Time එක..
😴

ඔයා ඉරිදට හදාගන්න සතියට තියෙන Target එක ඊට පස්සේ ඔයා දවසකට වැඩ කරන පැය ගාන වෙන් කරගන්න..
☺️

ඔයා වැඩ කලානම් ඔයා කැමති පාටකින් කොටුව පුරවන්න..
🙂

මග හැරෙන ⁣වෙලාව තියෙන කොටුව රතු පාටින් පාට කරන්න ඒ විදියට කරලා බලන්න සතියකට ඔයා වැඩ කරලා තියෙන විදිය..
🧑‍💻

මේ විදියට වැඩ කලොත් ඔයාගේ ඔක්කොම පාඩම් ඉවර කරන්න යන දවස් ගාන හදාගන්න.
😉

ඒ විදියට සති තුනක් විතර කරන් යන්න අමාරුවෙන් හරි එතනින් පස්සේ.
🤓

ඔයා නිකන්ම ඒකට හුරු වෙනවා...
🙏

මොකද දන්නවද මම මෙහෙම කාල සටහනක් ගෙනාවේ ..

ඔයා කවදාවත් දැකලා තියේද Tv එකේ News තියෙන වෙලාව පැටලිලා කතාවක් යනවා..

7.30 කතාවක් වෙනුවට පිරිත් යනවා.

එහෙම වෙලා නැ නේද..
ඒවාගේ එහෙම වෙන නිසා තමයි එයාලා එච්චර සාර්ථක වෙලා තියෙන්නේ.
🏝

අනිවාර්යයෙන් අපි කාල සටහනකට වැඩ කලොත් අපේ අනාගතයටත් ගොඩක් වටීවි.

✍️ශානු #share
t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

(26/25) A/L කරන ඔයාගේ නංගිට,මල්ලිට & යාලුවන්ට අනිවාරෙන්ම SHARE කරන්න. 😇

📟PHYSICS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7676

📟CHEMISTRY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7686

📟BIOLOGY සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7724

📟C.MATHS සියලුම දේවල්..
/channel/SL_EDUCATION_A_L/7717

Etc.. /channel/SL_EDU_A_L_BOT

තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

අන්තිම මොහොතෙ exam එකක් ගොඩදාන්නෙ කොහොමද?😉

Exam කියන දේවල් වලට කොයිතරම් දවස් තිබුණත් ඔයාලට වැඩ පටන් ගන්න බෑ. මොකද හැමදාම හිතන්නෙ 'ආහ් තව දවස් තියෙනවනෙ' කියලා.. ඇත්තටම ඔයාලා විතරක් නෙමෙයී මේ පාර මටත් ඒ දේම වුණා.

මොකද මගෙ අතේ පොඩි accident එකක් වුණ නිසයී, office එකේ වැඩ නිසයී වැඩ හිරවුණා. ඒත් ඉතින් exam giveup කරන්න බෑනෙ. අනික final exam. ඒ නිසා යකා බැන්ඳා වගේ වැඩ කරන්න හිතුවා.

ඒ කරනකොට මං පාවිච්චි කරපු tips ටිකක් ඔයාලා එක්කත් share කරගන්න හිතුවා. මොකද අත්දැකීමෙන්ම ඒක සාර්ථකයි කියලා මං වින්ඳා.

✍️ Exam එකේ දවස් ගාණට හරියන විදිහට preparation plan එක.


ඒ කියන්නෙ ඔයාට කරන්න තියෙන වැඩ ටික දවස් ගාණට අනුව බෙඳලා හදාගන්න plan එක.

✍️ Daily checklist 01.


හැමදාම රෑට නිදාගන්න කලින් හරි, උදේට නැඟිටපු ගමන් හරි දවසෙ කරන්න තියෙන වැඩ ටික ලියාගන්න.

ඒකෙදි ඔයාලට පුළුවන් නම් plan එකට අනුව ඊළඟ දවසෙ තියෙන වැඩ ටිකකුත් පුළුවන් නම් කරන්න.

✍️ Phone එක පැත්තකට.


පාඩම් කරන වෙලාවට whatsapp, facebook යන්න තියාගන්න එපා. අවශ්‍ය notes download කරලා තියාගන්න.

✍️ බලන්න ඉතිරි recordings

.

ඉගෙනගන්න එක online වුණ නිසා, recordings ගොඩ ගහන එක හුඟක් අයගෙ පුරුද්දක් වුණා. හැබැයි බලන එකට හැමදාම බාලගිරි දෝසෙ.

ඉතින් ඒ ඉතිරි වෙලා තියෙන recordings fast forward (playback speed) දාලා ඉක්මනින්ම බලලා ඉවර කරන්න.

✍️ TV එපා.


Exam එක කට උඩට එනකන් හිටපු නිසා TV එකට ටික දවසකට Bye කියලා ඉන්න. Film, TV series ගැන හිතන්නවත් එපා.

Control එකක් තියෙනවා නම් කන වෙලාවට TV series එකක එක episode එකක් විතරක් බලන්න.

✍️ නින්ද අඩු කරන්න.


මං සාමාන්‍යයෙන් පැය 6ක් නිදාගන්න කියලා තමයි කියන්නෙ. මොකද නින්ද හුඟක් වැදගත්. හැබැයි නහය ගාවටම වතුර ඇවිත් තියෙන නිසා එච්චර නිදාගන්න එපා.

පැය 4කට නින්ද අඩු කරන්න. මොකද exam එක ඉවර වුණාට පස්සෙ ඒවටත් හරි යන්න නිදාගන්න පුළුවන්.

✍️ එක දිගට වැඩ.


පාඩම් කරලා ටික වෙලාවකට කියලා එහෙමෙහෙ දුවන්න එපා, FB යන්න එපා. මොකද දන්නෙම නෑ වෙලාව ගිහින්.

ඒ නිසා වැඩ කරලා, කාමරේ වටයක් ඇවිදලා, නැත්නම් එළියට පොඩ්ඩක් ගිහින් ටකස් ගාලා ඇවිත් ආයිමත් වැඩ කරන්න.

✍️ වතුර පුළුවන් තරම් බොන්න.


පාඩම් කරද්දි පුළුවන් තරම් වතුර බොන්න. ළඟ ටිකක් ලොකු වතුර බෝතලයක් තියාගන්න. මොකද ඒකට පුළුවන් ඔයාව fresh එකේ තියන්න.

✍️ Target එක.


ඔයාගෙ target එක පේන තැනකින් හොඳට ගහගන්න. ඇති කියලා හිතීගෙන එද්දි, අයියෝ මේක බෑ කියලා හිතීගෙන එනකොට ඒක දිහා බලන්න.

කොහොමහරි ඔයාට ඕන දේ ඔයා කරනවාමයි කියලා හිතාගන්න.

✍️ ඇඳට නිදාගන්න ආවට පස්සෙ exam ඉවර වෙලා ජොලියෙ ඉන්න විදිහ ගැන හිතලා සතුටින් නිදාගන්න. අනිත් දේ පහුවදාට කම්මැලි නැතුව ඇහැරෙන්න.


ඉතින් මේ මං කරන දේවල් ටිකක්. මං සාමාන්‍යයෙන් අන්තිම මොහොත වෙනකන් ඉන්න එකට කැමති නෑ. එහෙම ඉන්න කියන්නෙත් නෑ. හැබැයි සමහර වෙලාවට අපි නොදැනුවත්වම එහෙම වෙනව. නැත්නම් සමහර හේතු නිසා එහෙම වෙනවා.

හැබැයි එහෙමයි කියලා ඔයාලට බෑ ඔයාලගෙ exam fail වෙන්න දාලා නිකන් බලන් ඉන්න. Fail වුණාට පස්සෙ පසුතැවෙනවට වඩා, අන්තිම දවස් ටික මැරිලා හරි fail නොවී ඉන්න වැඩ කරන එක තමයි හොඳම දේ..

හීන වෙනුවෙන් කැප වෙන ඔයාට ජයෙන් ජය💪

© Study with Gimi #share
t.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

#AMITH_PUSSELLA 🧠🧠🧠🧠

PLATINUM TUTE 2022

PLATINUM TUTE 2022 ANSWER

PRACTICAL TUTE 2022 & MARKING

PLATINUM TUTE 2023

PLATINUM TUTE 2023 ANSWER

CAP REVISION P 2023

CAP REVISION P 2024

යාලුවන්ටත් #SHARE කරන්න...
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

කෙටි ප්‍රශ්න4⃣0⃣0⃣ක් කරලා Exam එක ගොඩ දාගමුද?

අඛණ්ඩව 4️⃣ වන වරටත් පවත්වන SQ 400 Programme එක

Combined කෙටි ප්‍රශ්න අවුල් අයට,
Time එකට හදා ගන්න බැරි අයට,
හරියට එන පාඩම් දන්නේ නැති අයට,


Theory එක්කම ගොඩ දාගන්න තියෙන වැඩක්🙂

සම්බන්ධ වන සියලු සිසුන් පහත සමුහයට එක් වන්න. 
💎 /channel/+OoHcufesI7s3OGJl

Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

එහෙනම් අවසාන මහා Seminar එක පටං ගමු..🆓

සම්පූර්ණ අනුමාපන පාඩම ඉවරයක්ම කරලා දාගන්න..

😀ඔක්තොම්බර් 18 (සිකුරාදා)- කුරුණෑගල සියත්මින් | උදේ 7.30 - හවස 4.00 වෙනකන්


හෙට
✔️අනුමාපන මූලික සංකල්ප
✔️Redox අනුමාපන
✔️අවක්ෂේපමිතික අනුමාපන
✔️අම්ල භෂ්ම අනුමාපන
✔️කාබනේට බයිකාබනේට අනුමාපන
✔️ඍජු අනුමාපන
✔️ප්‍රතිඅනුමාපන

කියන හැමදේම බිංදුවේ ඉදං කතා කරනවා..💯

සම්පූර්ණයෙන්ම Free යන්නේ..🆓

එහෙනම් හෙට නුගේගොඩ දි හම්බෙමු

වැඩි විස්තර

😀2024 Chemistry Revision - Main

/channel/S2Achemistrymain

ජය වේවා #⃣

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

𝗙𝗙𝗥 කියන්නේ PHYSICS MCQ PAPER එක ගොඩ දාගන්න පුලුවන් සුපිරි SYSTEM එකක් 😏

මේ TUTE එක කොටස් දෙකකට බෙදලා තියෙනවා..🙂

⚙️පලවෙනි කොටසේ සියලුම MCQ එකටම අදාල THEORY POINTS සහ උදාහරණත් ගැටලු සමග දීලා තියෙනවා. ඒ ටික හොදට බලාගන්න...

⚙️දෙවනි කොටසේදි කලින් බලාගත්තු THEORY වලින් දීලා තියෙන MCQ ටික කරන්න

🧠🧠🧠🧠 #SHARE

🧠🧠🧠🧠🧠 🤫

T.me/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤫මේපාර එන ENGLISH PAPER එක මොනවගේද කියලා දැනගන්න කැමතිද?👀

2024 උසස්පෙළ ඉංග්‍රීසි (general English ) සදහා අවශ්‍ය කරන ප්‍රශ්න පත්‍ර ,වීඩියෝ සහ අනෙකුත් උපකාර ලබා ගැනීමට පහත සදහන් ලින්ක් මගින් එකකට සම්බන්ධ වන්න ඔබේ මිතුරන් මේ හා සම්බන්ධ කරන්න.

📗Group no 1
https://chat.whatsapp.com/GJKZV1WxFQ6Bj7Js8Wkfu7

📗Group no 2
https://chat.whatsapp.com/Cr7Nm608j1B4LpMNssUYSj

📗Group no 3
https://chat.whatsapp.com/IxtseBrrz3N6jSNlpliBQI

📗Group no 4
https://chat.whatsapp.com/E1YLUOOeHIcGoVN99wlAIL

📗Group no 5
https://chat.whatsapp.com/Fcfl1gYk0sUB9kOUrejuTm

📗Group no 6
https://chat.whatsapp.com/GnFVuD82YrjL61wbOcnfAQ

📗Group no 7
https://chat.whatsapp.com/L4CmLg7rOTb8SBUXjCDnZJ

📗Group no 8
https://chat.whatsapp.com/B8pIQRfru50B9nWUmDaQRA

📗Group no 9
https://chat.whatsapp.com/HbnKs9bVenG67tWyrHfYm5

📗Group no 10
https://chat.whatsapp.com/DeQYRj271tV1migXXWr9LD

📗Group 11
https://chat.whatsapp.com/JfS84GwVBL3CTgzQMyCBZV

📗Group 12
https://chat.whatsapp.com/Dt2Er58evhy7z8V6rsN3Q6

📗Group 13
https://chat.whatsapp.com/KkkAdgdrUPD1LiWoM2UZjv

📗Group 14
https://chat.whatsapp.com/FmiSdJqORduKD5jEMtCmQD


Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

📗 https://chat.whatsapp.com/Ixh9ll44CK0DJJTpzZLgmu

2024A/L Target කරලා හදපු ලංකාවේ හොඳම ස්කෝල වල අනුමාන Papers ටිකයි පළාත් අනුමාන Papers ටිකයි Discuss කරන Class එකක් මේක💯

හැම පාරම වගේ අන්තිම මාසයේ තමයි මේක කරන්නේ❗️

Chemistry & Physics A/L Paper එකට එන අනුමාන ප්‍රශ්න කීපයක් අනිවාරෙන්ම ඒ අවුරුද්දේ School Papersවල අඩංගු වෙන නිසා ඔයාලා අනිවාරෙන් School Papers කරලා යන්නම ඕනේ‼️

ඔයාලට අවශ්‍ය විදියට Live Class එකට එන්න හරි Recording බලන්න හරි පුලුවන්💎

A/L ඉවර වෙනකන් කැමති වෙලාවක Recording බලන්න පුලුවන්💎

මේ සම්පූර්ණ දවස් ගණනටම එක Subject එකකට Rs 1500ක් පමණයි💡

Subject 2️⃣ ටම සහභාගි වෙනවානම් Rs 2000ක් පමණයි💡


දැන්ම Join වෙලා Register වෙන්න💎
📗 https://chat.whatsapp.com/Ixh9ll44CK0DJJTpzZLgmu

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

PHYSICS වලට තවමත් බිංදුවේ ඉන්න අයට ලකුණු 60 කින් ප්‍රතිථලේ වෙනස් කරගමුද?

🛑MCQ 50 න් 35 කට වඩාත් (free)🆓


🛑Essays ලකුණු 30 න් 26 කට වඩාත්


අවසන් දින 20 න් ගන්න අපි උදව් කරනවා…

💎 දැන්ම සෙට් වෙන්න අපේ Telegram සමූහයට :-
/channel/StudyWithSudaraka 🤫

ළමයි හුගකට කලිනුත් මේම දෙයක් කරවපු කෙනෙක්ගෙන්ම අහගන්න (සාක්ෂි සහිතයි)

✍️ Sahan Sudaraka (Bsc ug)

කයියක් නොවන ක්‍රියාවලියක්

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලකුණු1⃣0⃣0⃣න් 4️⃣🅾️ නොමිලේ

REPEAT REVISION 🔴

2️⃣ Season 01 - CLICK HERE

3️⃣ Season 2 - CLICK HERE

4️⃣ නොමිලේ පාඩම් - CLICK HERE

5️⃣ කෙටි ප්‍රශ්න 4️⃣🅾️🅾️ වැඩසටහනේ
නිබන්ධනය - /channel/+OoHcufesI7s3OGJl

Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

2024 A/L BIOLOGY EXAM STRATEGY OVERVIEW #⃣

#SHARE #BIOLOGY t.me/SL_EDUCATION_A_L 💎

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🚛 වෘත්තය පාඩමම නොමිලේ ඉගෙන ගමුද?

ඔක් 3️⃣1️⃣රාත්‍රී 9-12

👀YouTube Live ලෙස 🔴

#⃣නිබන්ධන සහ Free Links - /channel/+OoHcufesI7s3OGJl

😀 COMBINED MATHS - අමිල අබේසිංහ 🔴

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

💬විශේෂ නිවේදනයයි....!

PHYSICS SYLABUS එකේ තියෙන සමීකරණ වලින් 95% ක් විතර මතක් කරගන්න. PAST PAPERS වලින් තෝරලා තියෙන මේ ප්‍රශ්න ටික හදන්න.

විභාගයට කලින් දවස් දෙකේ මේ ටික ඔක්කොම හදලා යන්න පුළුවන් නම් සමීකරණ ගොඩක් නැවත මතක් කරන් යන්න පුලුවන්.


☄️අනිවාරෙන්ම SAVED MASSAGE වලට මේක දාගන්න.

#FACTS #PHYSICS #SHARE ☺️
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ලකුණු1⃣0⃣0⃣න් 4️⃣🅾️ නොමිලේ ඉගෙන ගන්න

💡- රචනා 400 වැඩසටහන
💡- කෙටි ප්‍රශ්න 400 වැඩසටහන
💡- අනුමාන ප්‍රශ්න 400 වැඩසටහන


Seminar Links - CLICK

Repeat Revision - CLICK

නිබන්ධන සහ Free Links - /channel/+OoHcufesI7s3OGJl

😀 COMBINED MATHS - අමිල අබේසිංහ 🔴

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

කාංසාව සහ ආතතියෙන් මිදීමට මාර්ග හතක්👇

1️⃣ප්‍රමාණවත් පැය ගණනක් නිදා ගැනීම

මිනිස් සිරුර සෑම රාත්‍රියකම පැය 8-7ක් පමණ නිදා ගත යුතු ය.

2️⃣කාල කළමනාකරණය

මානසික ආතතියට වඩාත් පොදු හේතුවක් වන්නේ මිනිසුන් විසින් ඉටු කළ යුතු දෛනික කාර්යයන් සමඟ බර පැටවීමයි, එබැවින් කාලය සංවිධානය කළ යුතු අතර දිනපතා පැහැදිලි සැලැස්මක් සකස් කළ යුතුය.

3️⃣භාවනා සැසි

මානසික ආතතියෙන් මිදීමට සහ සැනසීමට භාවනාව උපකාරී වේ.

4️⃣සමාජ සබඳතා

මානසික ආතතියෙන් පෙළෙන පුද්ගලයින්ට උපකාර කිරීමේදී සමාජ සබඳතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.

5️⃣සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක්

මානසික ආතතියෙන් මිදීමට උපකාර වන එක් දෙයක් නම් දිනපතා ව්‍යායාම කිරීම සහ සීනි සහ කැෆේන් ප්‍රමාණය අඩු කිරීම වැනි සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අනුගමනය කිරීමයි.

6️⃣වරදකාරී හැඟීමෙන් මිදීම

මානසික ආතතියෙන් පෙළෙන අය බොහෝ විට වරදකාරි හැඟීමකින් පෙළෙන අතර, එය ජීවිතයේ විවිධ පැතිවල නිෂේධාත්මක චින්තනයට තුඩු දෙන අතර, මෙම හැඟීම ජයගෙන බැහැර කළ යුතුය.

7️⃣විනෝදාංශවල ව්‍යායාම කිරීම

ජීවිතයේ ආතතියෙන් මිදීම සඳහා ඔබ කැමති විනෝදාංශවල විනෝදජනක කාලයක් ගත කිරීම නිර්දේශ කරනු ලැබේ.


#facts #share 🫥
/channel/SL_EDUCATION_A_L

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

Physics MCQ එක ගොඩදාගන්න...

කතාව සරලව...📌

🔰 හැමදාම MCQ Paper එකක් හම්බවෙනවා.
🔰 සාකච්චාව හැමදාම රෑ 11 ඉදන් තියෙනවා.


🔴 වැදගත්ම දේ තමයි හැමදාම MCQ පේපර් එකේ තියෙන්නෙ හැම අවුරුද්දෙම අනිවාර්යයෙන් එන ප්‍රශ්න.

ඒක නිසා එක දවසකට Physics පේපරේ එක ලකුණක් අනිවාර්යයි.💎

ඉතින් වැඩසටහනට මුල ඉදන්ම සහභාගී වෙන ඕන කෙනෙක්ට තේරෙයි දැනට කොච්චර අඩු මට්ටමක හිටියත් MCQ 30-35 ක් ගන්න එක අමාරු දෙයක් නෙවෙයි කියලා.

හෙට ඉදන් නොනවත්වා දවස් 30 ක් යන මේ වැඩේට සම්බන්ධ වෙන්න මේ Whatsapp group එකට join වෙන්න.👇

📗 https://chat.whatsapp.com/L0n9UgSwh540E3Y63kyANL

ඔක්කොමත් එක්කම ගොඩ යන්න යාලුවොත් Add කරන්න.

✈️ /channel/physics22p

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

පරිසර දූෂණය සම්පූර්ණයෙන්ම ගොඩදාගන්න ලෑස්තිද ලමායී..🙂

මේකෙන් රචනා බාගයක් සහ Mcq 2ක් වගේ එනවා..‼️

ඒ කියන්නේ ලකුණු 5️⃣ ක්💥

මේකෙදි ඔයාලට
💎අම්ල වැසි ආශ්‍රිත රසායනය
💎ප්‍රකාශ රසායනික ධූමිකාව
💎ගෝලීය උණුසුම ඉහල යෑම
💎ඕසෝන් වියන හායනය
💎ජල දූෂණය

මේ සම්පූර්ණ කොටස් සියල්ල සාකච්ඡා කරනවා 😀

වැඩේ වෙන්නේ පංති එන නොඑන හැමෝටම නොමිලේ..🆓

එහෙනම් අපි හෙට (2⃣3⃣) බදාදා උදේ 7.30ට නුගේගොඩ Sailing Pen එකේදි හම්බෙමු 😀

යාලුවන්ටත් කියන්න..😀

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

සමහරු අවුරුදු 22 වෙද්දි එයාලගෙ උපාධිය ගත්තා,ඒත් තව අවුරුදු පහක් රස්සා හෙව්වා.#⃣

සමහරු අවුරුදු 25 වෙද්දි CEO කෙනෙක් වුනා,ඒත් අවුරුදු 50 වෙද්දි මියගියා.ඒ අතරෙ තව සමහරු 50 වෙද්දි CEO කෙනෙක් වෙලා,අවුරුදු 90 වෙනකල් ජීවත්වුනා

සමහරු තාම තනිකඩයි,ඒත් එයා එක්ක එකට පාසල් ගියපු සමහරු දැන් දරුවො ඉන්න අම්මලා තාත්තලා.

ඔබාමා අවුරුදු වයස 55 වෙද්දි විශ්‍රාම යනවා,ඒත් ට්‍රම්ප් පටන්ගන්නෙ වයස අවුරුදු 70 දි.

මේ ලෝකෙ හැමෝම වැඩකරන්නෙ තම තමන්ට අදාල කාල පරාසවල.

ඔයා වටේ ඉන්න සමහරු ඔයාට වඩා ඉස්සරහින් කියලා ඔයාට හිතෙන්න පුලුවන්...තවත් සමහරු ඔයාට වඩා පස්සෙන් කියලත් ඔයාටම හිතෙන්න පුලුවන්.

ඒත් ඇත්තනම් අපි හැමෝම දුවන්නෙ තමන්ගෙම තරඟයක්,තමන්ට පුලුවන් වේගෙන්.

ඒ කාටවත් ඉරිසියා කරන්න එපා,එයාලා ඉන්නෙ එයාලගෙ කාල පරාසෙ,ඔයා ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ.

ඉතින්,සන්සුන්වෙන්න.
🔴

ඔයා ගොඩක් පරක්කුත් නෑ,
ඔයා ගොඩක් ඉස්සරහිනුත් නෑ,
ඔයා හරියටම ඉන්නෙ ඔයාගෙ කාල පරාසෙ ඇතුලෙ.
❤️

#motivation
t.me/SL_EDUCATION_A_L ✔️

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🔍 2024 PAPER CLASS UPDATED 🤫

​🇨​​🇴​​🇲​​🇧​​🇮​​🇳​​🇪​​🇩​ ​🇲​​🇦​​🇹​​🇭​​🇸​

දුෂ්‍යන්ත මහබදුගේ - 2021
/channel/SL_EDUCATION_A_L/8168

අජන්ත දිසානායක - 2022
/channel/SL_EDUCATION_A_L/8246

කසුන් සේනානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8274

අජන්ත දිසානායක - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9151

රුවන් දර්ශන - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9093

​🇧​​🇮​​🇴​​🇱​​🇴​​🇬​​🇾​

තිස්ස ජනනායක - 2021
/channel/SL_EDUCATION_A_L/7932

දනoජය ආරියදාස - 2021
/channel/SL_EDUCATION_A_L/8347

නිශ්ශංක වීරසේකර - 2021
/channel/SL_BIOLOGY/330

මෙත්මල් ජයසේකර - 2023
/channel/SL_EDUCATION_A_L/8287

මෙත්මල් ජයසේකර - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9117

​🇵​​🇭​​🇾​​🇸​​🇮​​🇨​​🇸​

දර්ශන උකුවෙල - 2020
/channel/SL_EDUCATION_A_L/8269

දර්ශන උකුවෙල - 2021
/channel/SL_EDUCATION_A_L/8281

සමිත රත්නායක - 2021
/channel/SL_EDUCATION_A_L/6092

සුජිත් ලියනගේ - 2021
/channel/SL_PHYSICS/809

සුනිල් ප්‍රේමතිලක - 2021
/channel/SL_EDUCATION_A_L/8224

නිලන්ත ජයසූරිය - 2022
/channel/SL_EDUCATION_A_L/6775

මහේන් ජේකබ් - 2022
/channel/SL_EDUCATION_A_L/8198

අනුරාධ පෙරේරා - 2022
/channel/SL_EDUCATION_A_L/8319

අමිත් පුස්සැල්ල - 2023
/channel/SL_EDUCATION_A_L/8526

අමිත් පුස්සැල්ල - 2024🆕
/channel/SL_EDUCATION_A_L/9185

​🇨​​🇭​​🇪​​🇲​​🇮​​🇸​​🇹​​🇷​​🇾

කැලුම් සේනානායක - 2021
/channel/SL_EDUCATION_A_L/6296

අනුෂ්ක ඉඳුනිල් - 2021
/channel/SL_EDUCATION_A_L/8294

චරිත දිසානායක - 2022
/channel/SL_EDUCATION_A_L/8342

ප්‍රසන්න බද්දෙවිතාන - 2023
/channel/SL_EDUCATION_A_L/7668

අමිල දසනායක - 2023
/channel/SL_EDUCATION_A_L/8329

චරිත දිසානායක - 2023
/channel/SL_EDUCATION_A_L/8512

උජිත් අංජන හේමචන්ද්‍ර - 2023
/channel/SL_EDUCATION_A_L/8356

උජිත් අංජන හේමචන්ද්‍ර - 2024 🆕
/channel/SL_EDUCATION_A_L/9077


🚨 මේක ඔයාගෙ යාලුවටත් #SHARE කරන්න... තවමත් මේවට JOIN වෙලා නැති අය JOIN වෙන්න ☺️
T.me/addlist/qFY72jXoZ2M2MWFl

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

🤫 අඛණ්ඩ 4⃣ වන වරටත් SQ 400 Programme

Combined කෙටි ප්‍රශ්න අවුල්ද ?
Time එකට හදා ගන්න බැරිද ?
එන පාඩම් දන්නේ නැද්ද ?


Combined Maths
කෙටි ප්‍රශ්න 4️⃣🅾️🅾️ක් 👀 Theory එක්කම #⃣

සම්බන්ධ වන සියලු සිසුන් පහත සමුහයට එක් වන්න.  -
💎 /channel/+OoHcufesI7s3OGJl

Combined Maths - අමිල අබේසිංහ

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

මතකනේ... එහෙනම් අවසාන මහා Seminar 3 පටං ගමු..‼️

පලවෙනි එක සම්පූර්ණ අනුමාපන පාඩම..

😀ඔක්තොම්බර් 16 (බදාදා) - නුගේගොඩ Sailing Pen උදේ 7.30 - හවස 4.00

හෙට
✔️අනුමාපන මූලික සංකල්ප
✔️Redox අනුමාපන
✔️අවක්ෂේපමිතික අනුමාපන
✔️අම්ල භෂ්ම අනුමාපන
✔️කාබනේට බයිකාබනේට අනුමාපන
✔️ඍජු අනුමාපන
✔️ප්‍රතිඅනුමාපන

කියන හැමදේම බිංදුවේ ඉදං කතා කරනවා..💯

සම්පූර්ණයෙන්ම Free යන්නේ..🆓

එහෙනම් හෙට නුගේගොඩ දි හම්බෙමු

වැඩි විස්තර

😀2024 Chemistry Revision - Main

/channel/S2Achemistrymain

ජය වේවා #⃣

Читать полностью…

𝐒𝐋 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍 𝐀/𝐋

ඇයි MIND MAPS මෙච්චර වැදගත්?🤓

පොඩි ප්‍රශ්නයක් අහන්නම් මුලින්ම. ඔයාට වැඩිපුර මතක හිටින්නෙ රූපද? එහෙම නැත්නම් අකුරින් ලියපු වගන්තිද? මේ ප්‍රශ්නෙට හැමෝගෙම වගේ උත්තරේ රූප කියන එක. ඒක සාමාන්‍යයි මොකද, අපි පරිණාමිකව හැඩගැහිල තියෙන්නෙ රූප මතක තියාගන්න මිසක් මේ එක එක විදියට ඇඹරිච්ච ඉරි කෑලි වලින් ලියපු හෑලි මතක තියාගන්න නෙවෙයිනෙ.
🤓

ඒත් අපි අපිට මතක තියාගන්න ඕනි හැමදේම හැමවෙලේම මොළේට දෙන්නෙ මේ අකුරු විදියට. එහෙම නැතුවත් බෑ, මොකද මේ පාඩම් කරන්න තියන හැමදේටම චිත්‍ර අඳින්නත් බෑනෙ.

ඒත් අපිට පුළුවන් අපි notes ගන්න, short notes හදන විදිය ටිකක රූපමය (visual) පැත්තට බරකරල හදන්න. එතකොට මොළේට ඒව මතක තියාගන්න ලේසියි
..

මේ ක්‍රමේ හොයාගත්තෙ Tony Buzan කියන කෙනා. මේ Mind maps වලින් අර කිව්ව වාසිය වගේම, මේක හදද්දි අපි දන්න කරුණු අතර connections හදාගන්න නිසා අපිට පාඩම තවත් හොඳට අවබෝධවෙනව. ඒ වගේම පිටු ගාණක් දිග සටහනක් එක පිටුවකට කෙටි කරල ගන්න නිසා ආයෙ ආයෙ notes බලද්දි ඔයාට ලොකු පහසුවක් වේවි මේ ක්‍රමේ. තව විභාගෙදි mind map එක මතක් කරගත්තම කිසි අඩුවක් නැතිව රචනා ප්‍රශ්න වලට පිළිවලට උත්තර ලියන්නත් ඔයාට පුළුවන්.

☺️ඉතින් කොහොමද අපි mind map එකක් හදන්නෙ,

හාෆ් ෂීට් එකක් අරගෙන ඒක හරහට තියාගෙන ඒකෙ මැද තමන් note එක හදන මාතෘකාව ලියන්න. ඊට පස්සෙ ඒ මාතෘකාව යටතෙ එන අනුමාතෘකා ඒ වටේට branches වගේ ලියන්න. ඊළඟට ඒ අනුමාතෘකා යටතෙ දැනගන්න ඕනි කරුණු වල විශේෂම වචන, අදහස් ටික (key words & key concepts) විතරක් බොහොම කෙටියෙන් ඒකෙ branches විදියට ලියන්න. (මේකෙදි දිගට දිගට notes ලියන්න එපා. අදාළ කරුණ මතක්වෙන්න වචන දෙක තුනක් ලියවුනාම ඇති. ඒක ආයෙ බලද්දි මතක් කරගන්න එක මොළේ වැඩක්.)
අනිත් විශේෂ දේ තමයි පුළුවන් තරම් පොඩි රූප/ පාට ගැළපෙන විදියට පාවිචිචි කරන්න.(මතකනෙ අපේ මොළේ දක්ෂ රූප මතක තියාගන්න.) හැබැයි මේකට ගොඩක් වෙලාව නාස්ති කරන්න එපා. රූප කැත උනාට කමක් නැහැ.

මේ විදියට දිගටම කලාම ඔයාට ඔයාගෙ topic එකට අදාළ කෙටි ඒත් සම්පූර්ණ note එකක් ලැබෙනව.
ආයෙ note එක බලද්දි key words බලල අදාළ කරුණ හරියටම මතක් කරගන්න. මේක ආයෙ ආයෙ පොත් බලන එකට වඩා ගොඩක් effective. මොකද මෙතනදි අපි අපේ මොළේට පුරුදු කරනව ඒ කරුණු මතක් කරන්න, ඒක විභාගෙදි ඔයාට ලොකු පහසුවක් වේවි.
🙂

ඉතින් තවත් බලන් ඉන්න එපා. කරන්න ඔයාගෙ මොළේට උදව්වක්. එයාට තේරෙන විදියට notes ගන්න පටන්ගන්න. එයත් අනිවාර්යෙන්ම ඔයාට කළගුණ සලකාවි.

#MIND_MAPS #GOOD_LUCK #SHARE
😀 𝗦𝗟 𝗘𝗗𝗨𝗖𝗔𝗧𝗜𝗢𝗡 𝗔/𝗟ᵀᴹ 📶

Читать полностью…
Subscribe to a channel