🔴 කියවනවනම් හොදයි.
Sl learning අපෙන් ඔයාට පුංචි අවස්ථාවක් ලැබිලා තියනවා.
මේක ලැබෙන්නේ A/L කරන අයට.
අපි හැමෝටම මොකක් හරි සැගවුණු දක්ෂතාවයක් තියෙන්න පුළුවන්.⚡️⚡️
ඒත් එහෙම එකක් තියනවද කියලා දැනගන්න ඔයාම ඒක එලියට ගන්න ඕනේ. ඉතිං ඒකට පුංචි අවස්ථාවක් ඔයාලට අපි දෙන්නම්. ඒ වගේම මේක ලොකු උදව්වක් මේ පහළ සදහන් කරන අයට👇
මේ පාර O/L ලියපු නංගිලා මල්ලිලාට විනාඩියක හෝ විනාඩි 1 1/2ක පොඩි වීඩියෝ එකකින් ඔයාලට කියන්න ඕන දේවල් කියන්න.
මොකද එයාලා O/L කරපු ගමන් එලියට ආවහම වැරදි පාරක යන්න ඉඩත් තියනවා. ඒ වගේම එයාලා ඉදිරියට මොනවද කරන්න ඕනේ. මේ වගේ ඔයාට හිතෙන දේවල් වලින් පොඩි වීඩියෝ එකක් කරලා අපිට එවන්න.💪
(ඒ වගේම ඔයාගේ හිතට වෙන නිර්මාණයක අදහසක් එනවනම් ඒකත් එවන්න. ලොකු කාලයක් යන නිසයි කිව්වේ වීඩියෝ එකක් එවන්න කියලා. ඔයාගේ පාඩම් වැඩ වලට බාධා නොවෙන්න ඒක කරන්න.)
සීමිත වීඩියෝ ප්‍රමාණයක් එකතු කරලා මම වීඩියෝ එකක් හදනවා.
ඔයාලට පුංචි හඩක් ලැබෙයි ඒ දෙයින්. ඒ නිසා ඒ අවස්ථාව ගන්න.🤝
වීඩියෝ එවන්න ඕනේ මේ link එකෙන් ගිහින් group එකට join වෙලා ඒකේ owner ට වීඩියෝ එවන්න. විනාඩියක් වෙනවනම් කාලය ගොඩක් හොදයි.
Group link:- https://t.me/joinchat/gQgFDjcBSGhmODQ1
විනාඩියක් කියන්නේ තත්පර 60ක්. ලොකු දෙයක් කරන්න පුළුවන් කාලයක්. ඒක අමතක කරන්න එපා...
මතක ඇතුව ඔයාගේ නම, පාසල සහ A/L කරන විශය ධාරාව අපට එවන්න.
වීඩියෝ හෝ නිර්මාණ බාරගන්නා අවසාන දිනය මාර්තු 10
👩💻 Vote කරපු හැම කෙනෙකුටම ගොඩක් ස්තූතියි. දවල්ට එන නිදිමත ගැන ඉක්මනටම වීඩියෝ එකක් අරන් එන්නම්...👍
Читать полностью…පැය හය හතක් එක දිගට මහන්සි වෙලා හදපු වීඩියෝ එක 47යි බලලා තියෙන්නේ. හැබැයි සතුටුයි. ඒ බලපු අය මගින් නවත්තලා ගිහින් නෑ. ඒකට ගොඩාක් ස්තූතියි. 🙏
දාස් ගණන් views යන්න ඕනේ නෑ....💡 වීඩියෝ එකට වැටෙන්න අවංක likes 5ද, මටනම් ඒක මහ ගොඩක් වටිනවා.
ස්තූතියි මාත් එක්ක හැමදාම ඉන්න මේ පුංචි පිරිසට.......❤️
Sl learning💪❤️👊
Youtube channel එකේ views මහාගොඩක් නැති videos ටිකක් තියනවා. අන්න ඒ ටික බලන්න. 😁
පොතක පිටකවරෙන් ඇතුලේ තියන දේ කියන්න බෑ⚡️
අන්න ඒ වගේම thumbnail එකෙන් ඇතුලේ තියන දේ කම්මැලි ඇති කියලා අනුමාන කරන්නත් බෑනේ....😜
බලන්න. Subscribe කරන්න.
මැන්ඩි✍
ඔයාලට මොකක් හරි හිතට වදදෙන ප්‍රශ්නයක් තියනවනම් ඒක තව කෙනෙකුට කියලා නිදහස් කරගන්න.☺️
හැම වැඩක්ම කරන්න කලින් අපි හොදින් ඉන්න ඕනෙනේ නේද මගේ නංගිලා මල්ලිලා.....❤️
දන්න කෙනෙකුට කියන්න බැරිනම් මට කියන්න. මහ ලොකු කාලයක් අපි ජීවත් වෙන්නේ නෑ. ජීවත් වෙන ටික කාලේ හැම කෙනාටම වචනෙකින් හරි උදව් කරලා ජීවත් වෙමු.👍 සතුට කියන්නේ ජීවිතේ සල්ලි වලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි
හැම තත්පරයකම සතුටින් ඉන්න උත්සහ කරන්න.🥰
ශාක වර්ධක ද්‍රව්‍ය වීඩියෝ එකට විතරක් ආපු comments වලින් ටිකක් මේ. වටින්නේ නැත්නම් මෙහෙම comments වැටෙන්නේ නෑනේ... ඒ නිසා බය නැතුව අනිත් අයටත් share කරලා එකතු වෙලා ගොඩයන්න.❤️
Читать полностью…⭕️⭕️⭕️Free | නොමිලේ⭕️⭕️⭕️
🔅ඉතාමත්ම පැහැදිලිව සිද්ධාන්ත සහ ගැටලු ආවරණය කෙරේ💯.
🔰ත්‍රිකෝණ අංගසාම්‍ය 1
https://youtu.be/K45ZKn2Vis8
🔰ත්‍රිකෝණ අංගසාම්‍ය 2
https://youtu.be/ReLW6v3jlFI
🔰ත්‍රිකෝණ අංගසාම්‍ය ගැටලු
https://youtu.be/FIeIpWsf0M0
අපේ O/L සිසුන් වෙනුවෙන් පවත්වන winners academy subscribe කරලා එකතු වෙන්න හැමෝම....✅
Bio කරන අයට වටින වීඩියෝ සෙට් එකක් තියනවා. මේවා කෙටි ක්‍රම. වීඩියෝ එක බලන්න කලින් ඒකට වැටුන comments බලලා හොදද නරකද කියලා ඔයාලම තීරණය කරලා බලන්න. නැත්නම් අපරාදෙනේ ඔයාලගේ කාලය......
https://youtu.be/CHRYLEO_yZQ
ඩොක්ටර් කෙනෙක්... ගුරුවෘත්තියට තියන කැමැත්ත නිසා කරනවා මිසක් මුදල කිසි වෙලාවක ඉස්සරහට දාන්නේ නැති ගුරුවරයෙක්.... පොඩි මුදලක් අය කරන්නේ නොමිලේ දෙන දේ මිනිස්සුන්ට වටින්නේ නැති නිසා.
Читать полностью…2021.02.18
📝කොලයක් පෑනක් අතට ගන්න
අපි දැන් පොඩි ගාණක් හදන්න හදන්නේ...🔥
හරිම සිම්පල්...
මුලින්ම හදන්න අද දිනෙට අම්මගේ වයස, ඊළගට ඊට එහාපැත්තෙන් තාත්තගේ අද දිනේට වයස හදන්න.
ගොඩක් වෙලාවට අවුරුදු 45ට වැඩි වයසක් එයි නේද?
දැකලා තියනවද ඔයා කවදාහරි ඔයා පුංචි කාලේ ඒ කියන්නේ අම්මට අවුරුදු 30දි විතර උයන්න බෑ කියලා තාත්තට කියනවා. නියපොතු සවුත්තු වෙනවා කියලා... ජීවිතේට ඒ වගේ වචනයක් අම්මාගේ කටින් අහලා නෑ නේද?
ඔයා කැමති කෑම බීම ගෙනත් නොදී තාත්තා ජිම් ගිහින් ඇවිත් හොදට කාලා බීලා ඉන්නවා ඔයා දැකලා තියනවද?
නෑ නේද?
ඇයි ඔයා වෙනුවෙන් ඒ දෙන්නා එයාලගේ හීන කැපකරන්නේ?
අම්මා ආස නැද්ද ලස්සනට ඉන්න...🙇♀
තව පොඩි දෙයක් මතක් කරමු. ඔයත් එක්ක ඉස්කෝලෙට අම්මා යන දවසක් මතක් කරන්න. ඔයාට ලැජ්ජ වෙයි කියලා මහ ගොඩක් සල්ලි වියදම් නොකර ලස්සනට ඇදගෙන යනවා.
ඇයි දෙවියනේ අපි ගැන එච්චර ඒ මිනිස්සු දෙන්නා හිතන්නේ....🙇♀🙇
කරදඩු ටිකක් උස්මහත් වෙනකොට පම්පෝරි ගහනවා නේද
"ඉපදුනෙත් තනියම මැරෙන්නෙත් තනියම ඉන්නෙත් තනියම කරන්නෙත් මට ඕන දේවල් " කියලා...?
ඇයි ඒ දෙන්නට එච්චර කැක්කුමක් අපි ගැන. ඇයි අපේ සතුට ගැන හිතලා එයාලගේ සතුට කැප කරන්නේ?
මේ ලෝකේ ඒ දෙන්නා වගේ ඔයා වෙනුවෙන් එයාලගේ සතුට කැප කරන කෙනෙක් ලේසියෙන් හම්බවෙයිද ඔයාට?
ආස නැද්ද ඔයාලගේ සතුට දකින්න ආස ඒ දෙන්නගේ ඇස් දෙකෙන් ඔයාලා සතුටක් දකින්න...😍
දුක් මහන්සියෙන් හම්බකරලා උඹලට අපිට පට්ට සැපක් දෙන අපේ අම්මටයි තාත්තටයි අපිට කරන්න පුළුවන් එක දෙයයි. ඒ තමයි හිතේ සතුට දෙන එක බන්.
සල්ලිනම් ඕන විදිහකට අද කාලේ හම්බ කරන්න පුළුවන්.👍
හැබැයි තමන්ගේ දරුවෙක් මහන්සි වෙලා පාඩම් කරලා අරගන්න ප්‍රතිඵලයට ඒ අම්මයි තාත්තයි දරාගන්න බැරි තරම් සන්තෝස වෙනවා.
උඹලා ඒ මහන්සි වෙලා ගන්න ප්‍රතිඵලයෙන් කැම්පස් ගිහින් හොද ජොබක් කරලා හොර හිත නැතුව ගන්න වාහනේ රවුමක් යන්න අම්මයි තාත්තයි මාරම ආසයි....❤️
ජීවිතේට ඔහේ වැඩක් කරන්න බෑ බන්... හදවතට දැනෙන අරමුණක් ඕනේ...
වෙන අරමුණු මොකටද බන්...ඔය තියෙන්නේ ඇස් ඉස්සරහම අරමුණක්...
ලොක්කෙක් උනත් මොකටද එදාට අම්මයි තාත්තයි නැත්නම්..😕
ඉස්සල්ලා ලගම එන අරමුණ ගැන හිතපන්. විභාගේ තමයි ඒ දෙන්නව සතුටු කරන්න පුළුවන් ළගම එන දවස... එතනට මහන්සි වෙලා වැඩ කරපන්...💪
අම්මාගෙයි තාත්තගෙයි ඇස් වලට සතුටු කදුලු දීපන්...උඹව උස්සලා ගනී බන් තාත්තා අමාරුවෙන් හරි කරට ඒ සතුටට....❤️ අම්මා බදාගනි බන් උඹව හයියෙන්...❤️
උදේම හැමොටම ආඩම්බරෙන් කියයි බන් මගේ පුතා ඉහළින්ම පාස් කියලා. මගේ කෙල්ලට A 3 යි කියලා කියයි බන්....
ඒ සතුට විදපන්... ජීවිතේ වෙන පින් කරන්න ඕනේ නෑ.... ඒ ඇස් වල සතුටම ඇති උඹේ මුළු අනාගතේටම හරියන්න...
ජය වේවා!
මැන්ඩි ✍
🔴මම මේ කියන දේ තනි තනිව ඔයාට අදාල කරගන්න.👍
ඔයා මැරතන් එකකට සහභාගි වෙලා ඔන්න ඔයා දැන් දුවනවා. ඔයා ගාණකට යනවා වේගේ අඩුත් නෑ වැඩිත් නෑ.🏃⚡️
ඔයාත් එක්කම තව ඔයාට වඩා පලපුරුදු, කලින් ජ්‍යග්‍රහණය කරලාත් තියන ක්‍රීඩකයෙකුත් දුවනවා.🏃♂🏃
ඒ ක්‍රීඩකයා ඔබ ඔහුව ඉස්සර කරවි කියන සැකය නිසා සහ දිනන්න නම් දෙන්නේ නෑ කියන අරමුණින් ඔබට කකුල් මාට්ටුවක් දානවා.🧎☹️☹️
පාර දෙපස සිටින නරඹන්නන් අර ක්‍රීඩකයා ඔබට කකුල් මාට්ටුවක් දානවා දකින්නේ නැහැ. ඔවුන් දකිනවා ඔබ බිම ඇදගෙන වැටෙනවා...😞
ඔබ ගොඩක් කාරුණික පුද්ගලයෙක්. ඔබ මැසිවිලි නගන්න යන්නේනෑ, ඔබ වාදකරන්නට නොයන අයෙක්... ඔබ ඒ මොහොතේ පරාජය බාරගන්නවා.👍
දැන් ඔබට මෙන්න මේ දේවල් ඇහෙන්නට පටන් ගන්නවා.
🔴 එයානම් අදක්ෂයෙක්, මහ මීහරකෙක්
🔴 ඔහු කලින් තරග වලත් ජයග්‍රහණය කරලා නැහැලු නේද
🔴 මතකද ඔහු දවසක් කිව්වා කියලා කවදහරි ක්‍රීඩා පුහුණුකරුවෙක් වෙනවාකියලා. හීනයක් තමයි...
ඔන්න ඔය වගේ දේවල්, විවේචන ඔබට පැමිණෙනවා.
ඔබට කුමක් සිතේවිද?😇
කිසිවක් සිතන්න එපා.❌
කිසිවකට දුක්වෙන්න එපා❌
උත්සාහය අත් හරින්න එපා❌
නැවත උත්සහ කරන්න💯
ඔබේ අතීතය වර්තමාන ජ්යග්රහණයට අත්‍යවශ්‍යය දෙයක් නෙමෙයි🤝👍
ඔබ මේ මොහොතේ යම් නිවැරදි ක්‍රියාවක නිරත වෙනවානම්, ඔබ නිවැරදි දෙයකරනවානම් කිසිවෙකුටත් බය වෙන්න අවශ්‍ය නෑ.
කනගාටු වෙන්න.☝️
🔶🔷 අර කකුල් මාට්ටුව නොදැක ඔබට එක එක දේවල් කියන මිනිසුන් ගැන.✔️
Share ❌
මේ ඉන්න 600කට අධික පිරිස කියෙව්වහම හොදටම ඇති✔️
ජය වේවා!