Good morning🍃☯
Pizza 🍕 එන්නේ හතරැස් පෙට්ටියක, විවෘත කලාම රවුමක්, හැබැයි අපි කන්නේ ත්‍රිකෝණයක් නේ....
අපිට හම්බවෙන මිනිස්සුත් අන්න ඒ වගේ...
පෙනුමෙන් එක විදිහක්, ඇතුලාන්තයෙන් තවත් විදිහක්, අත්විදිනකොට ඊටත් වඩා වෙනස් විදිහක්........❤️
හැබැයි මේකත් නොකියම බෑ.✨ හැමෝම මෙහෙමයි කියලා හිතන්න එපා❌ පෙනුමෙන් මිනිස්සු අදුරගන්න බැරි වුණාට, හැසිරෙන විදිහෙන් මිනිස්සු අදුරගන්න බැරි වුණාට, ටික කාලයක් එකට ඉන්නකොට ඇතුලාන්තය ගොඩක් වෙලාවට එලියට එනවා.....
අන්න එතනදි තේරුම් ගන්න මේ කෙනා හොදද නරකද කියලා.......😊
ඒ වගේම හැමදාම කියනවා වගේ කියන්නම්,
ඔයත් ඇතුලාන්තයෙන් හොද මනුස්සයෙක් වෙන්න....👍
ඔයාටත් හම්බවෙයි ඒ විදිහේ හොද අය......👍
මැන්ඩි✍
⭕️දුකත් රසවිදින්න පුරුදු වෙන්න මිත්‍රයා
⭕️Best Motivation By No Problem
⭕️ https://youtu.be/a2q2mmKg818
Good morning🍃☯️
සමහරු හරියට සරුංගල් වගේ, පොඩ්ඩක් උඩ ගියහම අමතකයි... හිටියේ බිම කියලා.......😒
ටිකක් උඩට එද්දි සමහර මිනිස්ස්සු එහෙම කියයි ඉතිං....
හැබැයි ඒ මිනිස්සු දන්නේ නෑ බිම ඉදන් උඩට එන්න තිබ්බ අමාරුව....මහ හුළං එක්ක හැප්පෙන විදිහ........❤️
මම මේකෙන් කියන්නේ නෑ උඩට ගිහින් අලි ඔලුවෙන් ඉන්න කියලා😅
කියන්න ඕනේ වුණේ සරුංගලේ නූල අයිති ඔයාගේ අම්මාටයි තාත්තාටයි විතරයි. වෙන අය අතට ඒක ගියොත් එයාලා ඔයාව පහළට අදි....
ඒත් අම්මා තාත්තා කවදාවත් එහෙම කරන්නේ නෑ.......
සමාජේ පරිස්සමින් ජීවත් වෙනවා වගේම ඔයාත් සමාජෙට හොද මනුස්සයෙක් වෙන්න........💯✨
මැන්ඩි✍
🔴පෝෂී හෝර්මෝන ටිකෙන් එකක් හරි අමතක වෙයි කියලා බයනම් මේ විදිහට මතක තියාගන්න.🔥🙌
👉 FLAT👈 (ෆ්ලැට්)
F --> FSH
L --> LH
A --> ACTH
T --> TSH
පොඩි දෙයක් මේක...🤞
අහ් මේ සංකේත විතරක් නෙමෙයි දිග නමත් මතක තියාගන්න හරිද....🤜🤛
මැන්ඩි✍
ළමයි මේ වීඩියෝ එක දැන් upload කලේ. බලන්න. හැමදාම එකම කාලසටහනකට වැඩ කරන්න බෑනේ. ඒ නිසා දැන් මෙහෙම වැඩ කරන්න
https://youtu.be/6EWzCJp0Mo8
Good morning🍃☯️
මිනිස්සුන්ට ඕනේ සතුට ද? සල්ලි ද?
සමහරු සල්ලි නැතුව සතුටක් නෑ කියයි...තව සමහරු කියයි සල්ලි කන්නද, සතුට තමයි ඕනේ කියලා...
සතුටයි, සල්ලි කියන්නේ දෙයක්...✌️
සල්ලි වලට සතුට ගන්නත් බෑ, සතුටට සල්ලි අදාලත් නෑ...🔥
හැබැයි මිනිස්සු ඕක තේරුම් ගන්නේ නෑ.
එහෙම තේරුම් ගත්ත දවසට මේ ස්වභාවධර්මයත් 🍃 තේරුම් ගනි මිනිසා කියන්නේ උතුම් සත්ත්වයෙක් කියලා........❤️
මැන්ඩි✍
A/L ලියන අයගෙන් බාගෙට බාගයක් fail වෙනවා. අන්න ඒ නිසයි මේක ගැන කතා කලේ. මහ ලොකු හේතු නිසා නෙමෙයි ෆේල් වෙන්නේ. මෝඩ නිසාත් නෙමෙයි ෆේල් වෙන්න. කරන්න ඕන පොඩි පොඩි දේවල් නොකරන නිසා
Читать полностью…තේරුණානේ...👆 කිසිම දෙයක් බන්දේසියක තියලා අතට දෙන්නේ නෑ. කට්ටක් කාලා ලබා ගන්න ඕනේ....
කට්ටක් කාලා හීන හැබෑ කරගන්නවා වගේම ගනින් පන්නරයකුත් ජීවිතේටම මතක හිටින......❤️
ජය වේවා!
මැන්ඩි✍️
සා. පෙළ ගණිතය & විද්‍යාව
සාමාන්‍ය පෙළ ගණිතය හා විද්‍යාව සදහා නිමැවූ සමූහයකි.
කෙටි ප්‍රශ්න, රචනා ප්‍රශ්න සාකච්ඡා කෙරේ.
විෂය කරුණු උගන්වනු ලබයි.
සහයෝගයෙන් යහලුවන් සමඟ ප්‍රශ්න, විෂය කරුණු සාකච්ඡා කල හැක..
Zoom හරහා ද පන්ති පැවැත්වේ.
https://t.me/joinchat/VdB7uhzlwcdU8vI-BGCIFg
/channel/mathsascience