Good morning🍃☯️
ඔයා ඔයාට වටිනාකමක් හදාගන්නකල් පිට මිනිස්සුන්ට ඔයාගේ වටිනාකමක් නැහැ
හැමවෙලාවෙම ඔයා ඔයා විදිහට හිතන්න ඕනේ. එතකොටයි වෙනස් අදහස් එන්නේ. ඒ අදහස් වලින් ඔයාට වටිනාකමක් නිර්මාණය කරගන්න ඕනේ. අන්න එදා ඉදන් ඔයා මේ සමාජෙට වටින මනුස්සයෙක්.....❤️
මැන්ඩි✍
Good morning
හැමෝටම පොඩි දැනුම්දීමක් කරන්න තියනවා. ඔයාලා ගොඩක් අය දන්නවා ඇති මේ වෙනකොට ළමයි 4000කට වඩා හිටපු group එකක ලොකු ප්‍රශ්නයක් වෙලා තියනවා.
මමත් ඒ group එකේ ඇඩ්මින් කෙනෙක් විදිහට ඉදලා අදාල පුද්ගලයාගේ වැරදි හැසිරීම් ගැන ළමයින්ගෙන් ලැබුණු චෝදනා ඇත්ත කියලා ඔප්පු වුණාට පස්සේ අයින් වුණා. හැබැයි ඒ පුද්ගලයා මේ channel එකෙත් ඇඩ්මින් කෙනෙක් විදිහට හිටියා. එයාගේ post share වුණා. දැන්නම් අයින් කරලා තියෙන්නේ.
මට කියන්න ඕනේ මෙච්චරයි. මිනිස්සු කොච්චර ඔයා ඉස්සරහා ලොකු ලොකු කතා මැව්වත්, විශ්වාසය ඇති කරන්න හැදුවත් කිසිම මනුස්සයෙක්ව ඕනවට වඩා විශ්වාස කරන්න එපා. මොකද අපිට මිනිස්සුන්ව කාලා බලන්න බෑ.
විශේෂයෙන්ම පරිස්සම් වෙන්න තමන් ඉස්සරහ විශ්වාසය ගොඩනගන්න හදන නොදන්න social media හරහා හම්බෙන මිනිස්සුන්ගෙන්.
Good morning🍃☯️
මිනිස්සු ඔයාට පුළුවන් දේවල්, බැරි දේවල් කියයි...ඒ ඔයාගෙන් අහලා නෙමෙයි. එයාලට පෙනිලා...🙂
ඉතිං මොකද? ඒවා අදාල කරගන්න එපා. තමන්ගේ ඔලුව ඇතුලේ වැඩ කරන හැම ප්ලෑනක්ම ගහලා හරි ජීවීතේ ගොඩදාගන්න.😇
කාගෙවත් ලේබල් වලට යට නොවී ඔයාගේම කියලා ලේබල් එකක් ඔයාම හදාගන්න......❤️
මැන්ඩි✍
Good morning🍃☯️
අපි සෙනෙහස දැක්විය යුත්තේ අපි ආදරේ කරන පුද්ගලයන්ට වඩා අපට ආදරය කරන පුද්ගලයන්ටයි.
නමුත් සිදුවන්නේ එය නෙවෙයි...
ඉතිං සිදුවිය යුත්තකට පටගැනිව සිදුකරන දෙයකට වේදනාවද උරුම බව අමතක කරන්න එපා...............❤️
මැන්ඩි✍
Good morning🍃☯️
වටිනාකමින් ඉහළම දියමන්ති පවා සැගවිලා තිබුණේ පොළොව අභ්‍යන්තරයේ...💎
ඉතිං ඒ වගේම ඔයා තුළ ඇති දක්ෂතාවයන්ද ඔයාගේ අභ්‍යන්තරයේ තියෙන්න පුළුවන්...💡
මුලින්ම ඒවා හොයාගන්න...
ඊට පස්සේ ඔපමට්ටම් කරන්න පුළුවන්........❤️
මැන්ඩි✍
Good morning🍃☯️
ෆෝන් එකේ බැටරියක් නැත්නම්, ෆෝන් එකෙන් වැඩක් නෑ....
බැටරිය චාර්ජ් කරන්න චාජර් එකක් නැත්නම්, ඒ බැටරියෙන් වැඩක් නෑ....
චාජර් එකයි බැටරියයි දෙකමත් තිබිලා, ගෙදරට කරන්ට් එක නැත්නම්, ඒ දෙකෙන්ම වැඩක් නෑ....💯
මොකක්ද මම මේ කියන්න හදන්නේ?🍃
මේ හැමදේම එකකට එකක් සම්බන්ධයි කියලා...
මිනිස්සුත් ඒ වගේ...අම්මා තාත්තාගේ ඉදන් මේ සමාජේ හැම තරාතිරමක ඉන්න මනුස්සයෙක්ම එක දම්වැලක පුරුක් වගේ. සම්බන්ධයි....
මේක කියන්න හිතුවේ අපේ මිනිස්සු හරි වෙනස්නේ... ඒකයි
හැම එකාටම බනිනවා, මොකෙක් හරි ඒ කෙනාගේ මහන්සියෙන්, හැකියාවෙන් ගොඩ ගියොත්, ඔන්න කියනවා අපි ඒ කාලේ මෙහෙම නොකලානම් ඌ ගොඩයයි කියලා, පංතියේ හොදටම වැඩ කරන එකාට කියනවා ඕකා එදා මෙහෙමයි හිටියේ, අපි තමයි මූට මේක දුන්නේ, අරක දුන්නේ කියලා.....😁
ඔයාලටත් ඕන තරම් අත්දැකීම් ඇති මේ ගැනනම්...
මිනිස්සු තේරුම් ගන්න ඕනේ එක දෙයයි...
හැමෝම එක දම්වැලක පුරුකක් කියන එක... ඒ දම්වැඩ ඇතුලේ පවුල්, ආගම්, ජාති ප්‍රශ්න නෑ...උස් පහත් කුල බේද නෑ...........❤️
මැන්ඩි✍
Good morning🍃☯️
රාජකාරියකට එහා ගිහින් තමන්ට දවසේ කරන්න තියන වැඩ ටික සාර්ථකව ඉවර කරන්න. එතකොට දවස අවසානයේත් සතුටක් දැනෙයි. අන්න ඒකට කියන්නේ ආත්මතෘප්තිය කියලා......❤️
මට අද හිතුනා හැමදාම good morning🍃☯️ මැසේජ් එකක් දානවානේ. අද අදහසක් එන්නෙත් නෑ. ඒ නිසා දාන්න බෑ වගේ කියලා.... හැබැයි ඒක මම නොහිතපු විදිහට අද දවසේ මගේ අදහස ඒකම වුණා....🍃
මැන්ඩි✍
Good morning🍃☯️
සාර්ථක වුණු ගොඩක් මිනිස්සු,
අවුරුදු ගාණක් අසාර්ථක වුණා...
අවුරුදු ගාණක් කැපකිරීම් කලා...
අවුරුදු ගාණක් විවේචනය වුණා...
ඒ කැපකිරීමට, ඒ ඉවසීමට සහ නැවත නැවත උත්සහ කිරීමේ ප්‍රතිඵලයක් විදිහට අද ඒ මිනිස්සු තමන්ගේ සාර්ථකත්වය මෙහෙයවනවා තව තවත් සාර්ථක වීමට............❤️
මැන්ඩි✍
Organic සුපිරියටම ගොඩදාගන්න නිසල් සර්ත් එක්ක එකතු වෙන්න. පහළ ලින්ක් එකෙන් group එකට එකතු වෙන්න
/channel/+BeKsnifjUsM3YmNl
Good morning🍃☯️
ප්රශ්නය තමන්ගේ වනතෙක්ම පිළිතුර දාර්ශනිකයි🤟
ඔයා ඔයාගේ ප්‍රශ්න වලට (ඉගෙනීම සම්බන්ධ ගැටලුවක්
.හෝ ඕනෑම ගැටලුවක්) තව කෙනෙක්ගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙනවට වඩා තමන්ම ඒකට උත්තරයක් හොයන එකයි වැදගත්. මොකද ගොඩක් ප්‍රශ්න වලට ප්‍රායෝගික පිලිතුරු සහ හොදම පිළිතුරු ලැබෙන්නේ තමන්ට තමන්ගෙන්මයි.......❤️
මැන්ඩි✍
Match එක ගහන්න Perfect ම pitch එක හම්බෙනකන් ඉන්න එපා❌
මුලින්, හම්බෙන pitch එකේ match එක් ගහන්න, තමන්ගේ උපරිම දක්ෂතා පෙන්නන්න.👌
දවසක දිනන්නේ හොදම දේවල් ළගට එනකන් ඉදලා ගේමක් ගහපු උන් නෙමෙයි.
තමන්ට තියන පුංචි දෙයින් වැඩක් කරපු උන්.......❤️
මැන්ඩි✍
ගැහැණු ළමයින්ට විශේෂ දෙයක් කියන්න තියනවා.
තමන්ගේ පරිස්සම තමන් හදාගන්න. කාවවත් විශ්වාස කරන්න එපා. ඔයාට ප්‍රශ්නයක් තියනවානම් කාටවත් කියාගන්න බැරි ඒක විශ්වාසවන්ත පිළිගත් මනුස්සයෙකුට කියන්න.
උදා:- මනුස්සයෙක් තමන්ගේ ඇත්ත මුහුණුවරින් පෙනී ඉන්නවානම් තමන්ගේ මූණ හංගන්න දෙයක් නෑ, තමන්ගේ වයස හංගන්න දෙයක් නෑ. මේ දේවල් වලට රැවටෙන්න එපා. මින් ඉදිරියට වැරැද්දක් නොවෙන්න වගබලා ගන්න.
මමනම් හිතන්නේ කෙල්ලෙක් උනාම තමන්ගේ පෞද්ගලික ජීවිතේ එලියට දාන්න එපා. මේ වුණ දේට වැරදි පිරිමි පුද්ගලයා විතරක්ම නෙමෙයි. ගැහැණු ළමයින්ගෙත් වැරැද්දක් තියනවා. ඇයි ඔච්චර ඕපන් වෙන්නේ දැකලාවත් නැති පිට මිනිහෙක්ට????
අනිත් එක තමයි student coach කෙනෙක් කියන්නේ කවුද කියන එකත් හැමෝම දැනගන්න. විශේෂයෙන්ම මානසික පැත්තට අවවාද දෙන කෙනෙක් වුණාම මුලින්ම තමන්ගෙන් උපකාර බලාපොරොත්තු වෙන කෙනා ළග විශ්වාසය ගොඩනගනවා වගේම ඒ විශ්වාසය රකින්නත්, ඒ කියන තොරතුරු වලින් උපකාර බලාපොරොත්තු වෙන පාර්ශවයට අගතියක් ඇති කරන්නේ නැතුව ඉන්නත් බැදිලා ඉන්නවා.
ඒවත් දැනගන්න.
අනිත් දේ තමයි තමන් එක්ක කතා කරද්දි පුද්ගලයෙක් හැසිරෙන විදිහෙන් ඊලගට වෙන්න යන්නේ මොකක්ද කියන ඉව කෙල්ලෙක් ගාව තියෙන්න ඕනේ. අනතුරක් වෙනවානම් එතනින් අයින් වෙන්නත් ඕනේ.
දැනගෙන ජීවත් වෙන්න. මේ සමාජේ හැම මිනිහම එක වගේ නෑ.
Good morning🍃☯️
මහන්සි වෙලා වැඩ කරන්න. දවසක් එයි ඒ මහන්සියේ ප්‍රතිඵල ලැබෙන... එදාට සතුටු වෙන්න පුළුවන් ලැබෙන ප්‍රතිඵලයට නෙමෙයි, ඒ ප්‍රතිඵලය ගන්න් මහන්සි වුණ විදිහ මතක් කරලා....❤️
මැන්ඩි✍
Good morning🍃☯️
ඔයාලට හිතිලා නැද්ද රෑට නිදාගනිද්දි මදුරුවෝ ලේ බොනවාට වඩා කෑ ගහනකොට, අනේ ලේ බීලා පලයල්ලයෝ කෑ ගහන්නේ නැතුව කියලා🦟😁
විහිළුවෙන් වගේ කිව්වත් ඒ කතාවෙනුත් පුංචි දෙයක් තියනවා ඉගනගන්න.
ගොඩක් මිනිස්සුත් මේ මදුරුවෝ වගේ.එක පාරම විනාස කරන්නේ නෑ. බිංදුවටම ඇදලා දාන්නෙ නෑ.
හැබැයි හැම දවසකම නෑ, බෑ, ඔහොම බෑ, කිය කිය උඩට යන්න දෙන්නේ නෑ. එකම තැන හැමදාම ඉන්නවානම් කැමති...
ඇත්තටම බිංදුවටම වැටෙනවාට වඩා මේ නෙගටිව් නෑ, බෑ කියන මිනිස්සු හරි හිසරදයක්......❤️
මැන්ඩි✍
Good morning🍃☯️
තමන් කරන වැඩේට ගරු කරලා ආසාවෙන් කරන්න පුළුවන්නම් ඒකට ඕන කරන කැපවීම ඔයා තුළින්ම නිර්මාණය වෙනවා.......❤️
මැන්ඩි✍
Good morning🍃☯️
එකම පාටින් ඔතපු, එකම හැඩයක් තියන ටොෆි 🍬 බෝතලයලින් ඔයා එක ටොෆියක් තෝරගන්නවා.....
හැබැයි ඔයා දන්නේ නෑ මේ ටොෆි වල රස වෙනස්.....
සමහර ටොෆි 🍬 රසයි, සමහර ඒවා තිත්තයි, විසයි....😢
හැබැයි පෙනුමෙන් වෙනසක් නැති වුණාට අභ්‍යන්තරය වෙනස්.............❤️
හිතන්න තියන කතාවක්🍃✨
මැන්ඩි✍